ලලිත් චාමින්ද –
සංචාරක කර්මාන්තයේ නිරත හෝටල් හිමියන් සදහා කොවිඩි වසංගත සමයේ දි ණය නොගෙවිමට ලබා දුන් සහන කාලය තුළදිත් ණය පොලි අය කිරිම නිසා මේ වනවිට හෝටල් හිමියන් විසින් රාජ්‍ය හා වාණිජ්‍ය බැංකුවලට ගෙවිමට ඇති ණය හා පොලි මුදල දෙගුණ තෙගුණ විමෙන් ගැටලු රැසකට ලක්ව ඇති බව දකුණු පළාතේ හෝටල් හිමියෝ පවසති.
කොවිඩි වසංගත සමයේ හෝටල් හිමියන් සඳහා සහන ලබාදෙන් මුවාවෙන් තමන් බැංකු විසින් ණය උගලක සිරකොට ඇති බවද හෝටල් හිමියෝ කියති.
සියයට තුනට, අටේ පොලිය මත ලබාගත් ණය සඳහා මේ වනවිට සියයට 22,28 හා 30 ආදි වශයෙන් පොලි මුදල් ගෙවිමට සිදුවි ඇති බව පවසන හෝටල් හිමියන් එකවර විශාල ණය හා පොලි මුදලක් ගෙවිමට සිදුවි ඇති බවද පෙන්වා දෙයි.
ණය පොලිමත පොලි අයකොට ඇති බවත් පොලි මුදල හෝ අඩුකොට තමන්ට සහනයක් ලබාදෙන ලෙස හෝටල් හිමියෝ රජයෙන් ඉල්ලා සිටිති.

බැංකු මගින් ණය පහසුකම් ලබාදි ඇත්තේ සිය වත්කම් ඇපයට තබාගෙන බවත් ණය ගෙවිම සිදු නොකළහොත් එම වත්කම් බැංකුවලට පවරා ගැනිමට සිදුවන බව බැංකු විසින් හෝටල් හිමියන්ට නිතර නිතර පවසන බවත් මේ නිසා තමන් දැඩි මානසික පිඩනයකට ලක්ව ඇති බවද ඔවුහු පෙන්වා දෙති.
ගාල්ල උණවටුන සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ ලේකම් සුමිත් උබේසිරි මෙසේ කිවේය.
සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයින් බැංකු වලින් ණය මුදල් ලබාගෙන සියයට සියයක්ම තම ව්‍යාපාර සදහා තමයි ආයෝජනය කරන්නේ. ණය පොලි මුදල විශාල වශයෙන් වැඩිකිරිම නිසා ණය මුදල් නැවත ගෙවිමේ දි හෝටල් හිමියන් ගැටලු රැසකට මුහුණ දි සිටිනවා.
කොවිඩ් වසංගත සමයේ දි රජය විසින් හෝටල් හිමියන්ට ණය ගෙවිමේ දි සහන කාලයක් ලබා දුන්නා. එහෙත් අපිට ලබා දුන්නේ සහනයක් නෙවෙයි. හෝටල් හිමියන් ණය උගුලක හිරකළා. පොලිය මත පොලිය සහ නැවතත් මුළු ප්‍රාග්ධනයටම පොලි මුදල් එකතු කරලා තියෙනවා.
මාසිකව රුපියල් ලක්ෂ 10ක මුදලක් ගෙවනු ලැබු හෝටල් හිමියෙකුට මේ වනවිට මාසයකට ලක්ෂ 30, 40ක ණය හා පොලි මුදල් ගෙවිමට සිදුවෙලා තියෙනවා.
මේ විදියට ගියොත් හෝටල් හිමියන්ට වෙන්නේ වස පානය කොට දිවි හානිකරගන්නයි. මේ සදහා සහන කාලයක් ලබාදිම හෝ අඩු ණය පොලියක් යටතේ එම ණය ගිණුම් ප්‍රතිව්‍යගත කිරිමට රජය කටයුතු කළ යුතුයි.

ගාල්ල රෑමස්සල ප්‍රදේශයේ හෝටල් හිමියකු වන කපිල වික්‍රමසිංහ මෙසේ කිවේය.
රජය මගින් ණය නොගෙවිම සදහා ලබා දුන් සහන කාලයෙන් පසුව ගෙවිමට ඇති ණය සංඛ්‍යාව හතක් අටක් දක්වා වැඩිවෙලා තියෙනවා. සංචාරක කර්මාන්තය ටිකක් හොඳ අතට පත්වෙමින් එනවිට බැංකු මගින් කියනවා එකවරම මෙම ණය ගෙවන්න කියලා.
රුසියානු සංචාරකයින් තමයි වැඩිපුර එන්නේ. ඒ අය මුදල් වියදම් කරන්නේ නැහැ. පසුගිය කාලයේ දේශිය සංචාරකයින්ටත් හෝටල් කාමරයක් දුන්නේ ඩොලර් 100, 110, 150 මිල ගණන් වලට. නමුත් දැන් හෝටල් කාමරයක් විදේශිය සංචාරකයින්ට ලබාදෙන්නේ ඩොලර් 30 35 වගේ මුදලකට.
විදුලි බිල, වතුරබිල් ගෙවන්නෙත් ඉතා අමාරුවෙන්. රුසියානු සංචාරකයින් පැමිණියත් අපිට ප්‍රමාණවත් ආදායමක් ලැබෙන්නේ නැහැ. මේ නිසා අපිට ණය ගෙවිමට යම් කිසි සහන කාලයක් ලබාදිය යුතු බවද හෙතෙම පවසයි..







