බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බංග්ලාදේශය 2026 T20 ලෝක කුසලානයෙන් ඉවත් වීම හිටපු නිලධාරීන්ගෙන් විවේචනයට!

by editor
ජනවාරි 24, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

2026 T20 ලෝක කුසලාන තරගාවලියෙන් බංග්ලාදේශය ඉවත් වීම හේතුවෙන්, ඉදිරියේදී ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ බංග්ලාදේශය “ගැටලු ඇති කරන්නෙකු” (troublemaker) ලෙස හංවඩු ගැසෙනු ඇතැයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ හිටපු මහලේකම් සහ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී සයීඩ් අෂ්රෆුල් හක් ප්‍රකාශ කර තිබේ.

ආරක්ෂක හේතූන් මත මෙම තීරණය ගත් බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පැවසුවද, ක්‍රීඩකයින් සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම වර්ජනයට තීරණය කර ඇතැයි බංගලාදේශ ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබිණි.

සයීඩ් අෂ්රෆුල් හක් බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අදහස විවේචනය කරමින් Cricbuzz වෙබ් අඩවිය වෙත පවසා ඇත්තේ තව සති කිහිපයකින් බලයෙන් ඉවත්වන රජයක තීරණයකට වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලය පූර්ණ ලෙස යටත් වීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවය.

“මෙයින් සිදුවන හානිය සහ ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රජාවෙන් බංග්ලාදේශය හුදකලා වීමේ අවදානම දිගුකාලීන බලපෑම් ඇති කරනු ඇති. ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ බංග්ලාදේශය මින් ඉදිරියට සැලකෙනු ඇත්තේ ගැටලුකාරී රටක් ලෙසය.” ඔහු වැඩිදුරටත් පවසා තිබිණි.

තවද, ලෝක කුසලානයක් ක්‍රීඩා කිරීමේ ක්‍රීඩකයින්ගේ ජීවිත කාලීන සිහිනය මෙයින් අහිමි වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

“ඕනෑම ගෞරවනීය ක්‍රිකට් මණ්ඩලයක් කළ යුතුව තිබුණේ ICC ආයතනය ලබාදුන් ආරක්ෂක පියවරයන් කණ්ඩායමට දැනුම් දී, ඒ පිළිබඳ තීරණය ක්‍රීඩකයින්ට භාර දීමයි. ඔවුන්ට අනාරක්ෂිත බවක් හැඟුණේ නම් නොගොස් සිටිය හැකියි. නමුත් එම තීරණය රජයෙන් හෝ මණ්ඩලයෙන් නොව ක්‍රීඩකයින්ගෙන් පැමිණිය යුතුව තිබුණා. ප්‍රශ්නකාරී දේශපාලන අරමුණක් වෙනුවෙන් ඔවුන් ක්‍රීඩකයින්ගේ සිහින අහිමි කර තිබෙනවා.” එය සයීඩ් අෂ්රෆුල් හක්‌‌ගේ අදහසය.

වත්මන් තත්ත්වය

ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලානයට සහභාගී නොවන බවට බංග්ලාදේශය ගත් තීරණය ජනවාරි 22 වන බ්‍රහස්පතින්දා යළිත් තහවුරු කරන ලදී. ඒ ක්‍රීඩා උපදේශක අසීෆ් නස්රුල් විසිනි.
තම රටේ තරග ශ්‍රී ලංකාවට මාරු කරන ලෙස බංග්ලාදේශය කළ ඉල්ලීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රතික්ෂේප කළ අතර, සැලසුම් කළ පරිදි තරගාවලිය ඉන්දියාවේම පවත්වන බවත්, ඉන්දියාවේ කිසිදු විශ්වසනීය ආරක්ෂක තර්ජනයක් නොමැති බවත් ICC අවධාරණය කළේය.

කෙසේ වෙතත්, බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් ICC ආාවුල් විසඳීමේ කමිටුව (Dispute Resolution Committee) වෙත කරුණු ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ලිපියක් යවා ඇත.

මේ පිළිබඳව නීතිමය කරුණු පරීක්ෂා කර බලා ඉදිරි දිනවලදී අවසන් තීරණයක් ගැනීමට ICC සූදානමින් සිටී.

ලෝක කුසලාන කාලසටහනේ කිසිදු වෙනසක් සිදු නොකිරීමට ICC මණ්ඩලය දැනටමත් ඡන්දය ප්‍රකාශ කර අවසන්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයි.සී.සීය අනිවාර්ය කර තිබියදීත් ක්‍රිඩා සමාජවලට ගෙවීම් ශ්‍රි ලංකා ක්‍රිකට් පැහැර හැරලා!

Next Post

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි ගේ වැඩ තහනම්!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.