සුඩානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පෝට් සුඩාන් නගරයේ ක්‍රියාත්මක සෞදි අරාබියානු රජයේ මෙහෙයුම් මැදිරිය වෙත වාර්තා කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම්දීමක් සිදුකර තිබේ.
සෞදි අරාබියානු රජය විසින් පෝට් සූඩාන් නගරය තුළ විශේෂ ආරක්ෂිත හෝටලයක එම මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක කර ඇති බව ට්විටර් ගිණුමේ සටහනක් තබමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පෙන්වා දෙයි.
සූඩානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට එම ස්ථානයට පැමිණ සූඩානයෙන් පිටවීම සඳහා අවස්ථාව සැලසීමට කටයුතු යොදා ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා කියයි.
සූඩානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු ඉවත් කරගැනීමට ඊයේ (26) හැකි විය. සුඩානයේ රැඳී සිටින සියලු ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව ඉවත් කරගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සැලසුම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.