සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොර ඇතිව හෝ නැතිව   ගොවි ජනතාවගේ අදායම සියයට සීයකින් වැඩි කරනවා…. ජනපති…

අනුරාධපුරයේ දී ජනපති කළ සම්පූර්ණ කතාව...

by editor
පෙබරවාරි 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පොහොර ඇතිව හෝ නැතිව ගොවි ජනතාවගේ ආදායම සියයට සීයකින් වැඩිකර දෙන බව ජනාධිපතිවරයා පැවසුවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (09) සවස අනුරාධපුරය සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවති පොදුජන පෙරමුණු රැළිය අමතමිනි.

ඔහු කීවේ තමන්    ගොවිජනතාවට දුන්  ප්‍රධානම  පොරොන්දු වූ  නොමිලයේ පොහොර දීමත්, සහතික මිල වැඩිකිරීමත්, ගොවි ජනතාවගෙන් උදුරාගත් ඉඩම් ආපසු ලබා දීමත් තමන්ගේ ප්‍රමුඛම කටයුත්ත ඉටු කර ඇති බවය.

අද තමන් ජනතාව ඉදිරියට පැමිණ ඇත්තේ පොරොන්දු ඉටුකළ නායකයෙක් ලෙස බැවින් තමන් සම්බන්ධව විශ්වාසය තබන ලෙසත්, යළිත් එක් එක් දේශපාලන බලවේගවල බොරු ප්‍රචාරවලට රැවටී අමාරුවේ නොවැටෙන ලෙසත්,  කී ජනාධිපතිවරයා  තමන් ගොවි ජනතාව වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට කැප වී සිටින බවත් කීවේය.

එම ජන රැළිය අමතමින් ජනාධිපතිවරයා කළ සම්පූර්ණ කතාව මෙසේය.

මේ බිමේ ඉඳලා පළවෙනි ජනහමුවෙදි තමුන්නාසේලට පොරොන්දු වුනා පොහොර නිකම් දෙනවා, වී වල සහතික මිල වැඩි කරනවා කියලා. මගේ පළවෙනිම රාජකාරිය වුනේ එය බව තමුන්නාසේලාට මතක් කරන්න ඕන.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මම අද කියනවා පොහොර නැතිව හරි පොහොර එක්ක හරි ගොවි ජනතාවගේ ආදායම සියයට සීයකින් වැඩි කරනවා කියන පොරොන්දුව මේ අවස්ථාවේ දී මම තමුන්නාසේලාට දෙනවා.

තමුන්නාසෙලාට ඕන පොහොර දුන්නා. තමුන්නාසේලාට ඕන සහතික මිල දුන්නා. අද රුපියල් 95ට දෙන්න පුලුවන්.

තමුන්නාසේලාගෙන් උදුරා ගත්තු ඉඩම් ටික ලබා දෙනවා කිව්වා. මම ඒක ලබා දුන්නා. තමුන්නාසේලා වෙනුවෙන් මම ඕනෑම දෙයක් කරන්න කැපවෙලා සිටිනවාය කියන එක මම මේ අවස්ථාවේ දී සහතික වෙනවා තමුන්නාසේලාට.

එදා අවුරුදු පහක් පාලනය කරපු අය කෘෂිකර්මාන්තය වෙනුවෙන් කිසිම දෙයක් නොකරන අය අද ජනාධිපති සිහින මවලා ගොවියව රවට්ටලා මේ රට අගාධයට ගෙනියන්න මහන්සි වෙනවා.

තමුන්නාසේලාට මතකයි අපි මේ රට මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා මේ රට ත්‍රස්තවාදයෙන් බේරගෙන ආර්ථික සංවර්ධනයක් ගෙන යන අවස්ථාවේ 2015දි බොරු ප්‍රචාර ගෙනිහිල්ලා ජනාධිපතිකම නැති කළා.

අවුරුදු පහක් තුළ මොනවද වුනේ. මේ රටේ ආරක්ෂාව තහවුරු කළ ආරක්ෂාව කඩලා දැම්මා. අන්තිමට පාස්කු ඉරිදා බෝම්බ ගහලා නැවතුනේ. මේ රටේ බුද්ධි අංශ විනාශ කරලා දැම්මා. රණවිරුවන්ව පාවා දුන්නා. ජාත්‍යාන්තරයට ගිහින් මේ රටේ ස්වෛරීත්වය නැති කළා. ජාතිකතත්වය, ආගම…. එදා මොනවද වුනේ අපේ සංස්කෘතික උරුමවලට.  ඒවා නැතිකරලා දැම්මා. ස්වාමීන්වහන්සේලා උසාවි ගෙනිච්චා. අපි මේ තත්වය මේ අවරුදු දෙක තුළ නැතිකරා තියන බව මතක තියාගන්න.

අපි ජාතික ආරක්ෂාව තහවුරු කරලා තියනවා. අපේ ආගම සංස්කෘතිය… අද බලන්න එදා නැතිකළ කූරගල, මුහුදු මහා විහාරය, කූරගල, දීඝවාපිය අද ඒවා අපේ උරුම බවට යළිත් තහවුරු වෙලා තියනවා. අපි මේවා බොරුවලට රැවටිලා නැවතත් මේවා පාවා දෙන්නට සූදානම් වෙන්න එපා.

අවුරුදු ගණන් ඇමතිවරු වෙලා හිටිය අවුරුදු පහළවක් එක දිගට ඇමතිකම් කරපු අය බලවේග හදාගෙන ජනතාව අතරට ඇවිල්ලා වෘත්තිකයන් එක්ක සම්මන්ත්‍රණ තියලා බොරු කතා කරනවා. ඒ අය අවරුදු 15ක් බලගතු ඇමතිවරු වෙලා ඉඳලා තියනවා. මොනවද කළේ. කරපු දේවල් දිහා බලන්න. අපි තමුන්නාසේලා ඉදිරියට එනනේ වැඩ කරලා. මගේ ප්‍රතිපත්ති, අපේ පක්ෂයේ ප්‍රතිපත්ති, අපේ අණ්ඩුවේ ප්‍රතිපත්ති ඉදිරි අනාගතය බලලා කරන ප්‍රතිපත්ති. ඉදිරි පරම්පාරව වෙනුවෙන් කරන ප්‍රතිපත්ති…. අධ්‍යාපනය වේවා, විදුලි බලය වේවා, මේ සෑම දෙයක්ම මේ සෑම ප්‍රතිපත්තියක්ම අප ඉදිරියට ගෙනියන්නේ මේ රටේ තරුණ පරම්පරාව වෙනුවෙන්.

අපි අධ්‍යාපනය වෙනුවෙන් විශාල පරිවර්තනයක් කරලා තියනවා. අපි පොරොන්දු වුනා මේ රටේ තරුණයන්ට සාමාන්‍ය පෙළ උගත් හෝ වේවා, උසස්පෙළ උගත් හෝ වේවා මේ රටේ තරුණයන්ට උසස් අධ්‍යාපනයක් ලබා දෙන්න අවස්ථාව ලබා දෙනවා කියලා. අපි සෑම විශ්විද්‍යලයකටම දස දහසකට වැඩි සංඛ්‍යාවක් වැඩි කළා. විශ්විද්‍යාලයක මොන උපාධියක් ගත්තත් ඒ අයගෙ නිපුනත්වය වැඩි කරගන්නට, ඒ අයට රැකියාවක් සොයා ගන්න හැකි වෙන්නට මේ රටේ ආර්ථිකයට සහභාගී වෙන්න පුලුවන්වන විදිහට අපි තාක්ෂණය ඔවුන්ට ඉදිරිපත් කරලා තියනවා.

ඒ වගේම ප්‍රථමික හා ද්විතියික අධ්‍යාපනයේ වෙනස්කම් කරන්න  වැඩකටයුතු කරගෙන යනවා. මේ සෑම දෙයකින්මි අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ තරුණ තරුණියන් වෙනුවෙන්. මේවා හදලා තියෙන්නෙ රටේ ඉදිරි අනාගතය බලලා.

අපි ඒ වගේම හරිත කෘෂිකර්මානතයක් ගැන කතා කරන්නෙ…. අපි පොඩිකාලෙ අපට පුලුවන් වුනා වක්කඩකින් වතුර ටිකක් බොන්න. අද පුලුවන් ද වකුගඩු රෝගය පිළිකා රෝගය … මේව දිහා බලලයි හරිත කෘෂිකර්මාන්තයක් ගැන කතා කරන්නෙ. නමුත් අපි ප්‍රාථමිකව ගොවිජනතාවගේ ආර්ථිකය වැටෙන්නට දෙන්නෙ නෑ.

මොනම ක්‍රමයකින් හෝ අප ඒ ආර්ථිකය රැකගෙනයි ඉදිරියට යන්නේ. ඒ වගේම අද බලන්න මම තමුන්නාසේලාගෙන් ඉල්ලා සිටිනවා අපිත් එක්ක එකතුවෙන්න… මාත් එක්ක එකතු වෙන්න. විශ්වාසය තබන්න. අද මේ රටේ දේශීය හා විදේශීය බලවේග මේ රජය කඩන්නට මේ යන ගමන වළක්වන්නට උත්සාහ ගන්නවා.

එදා අප බලය ගත්තාම අපේ සැලැස්මක් තිබුණා. නමුත් අපට අභියෝගවලට මුහුණ දෙන්නට වෙනවා. අපි නොසිතූ විරූ අන්දමට කොවිඩ් වසංගතය ආවා. නායකයෙක් වශයෙන් රජයක් හැටියට අපට තියෙන්නෙ ඒ නව අභියෝගවලට මුහුන දෙන්නටයි. අපි ඒ අභියෝගවලට මුහුණ දුන්නා. එන්නත් ගෙනවා. දෙවැනි එන්නතත් ජනතාවගෙන් සියයට අනූවකට ලබා දුන්නා.

දැන් තුන්වන එන්නත තියනවා. මා ඉල්ලා සිටිනවා ඔබ හැමදෙනාගෙන්ම මේ තුන්වන එන්නත ගන්න. නැවතත් අපට රට වහන්නට ඉඩ තියන්න එපා. අද ආර්ථිකය පිබිදෙමින් තියනවා. සංචාරකයන් පැමිණෙනවා. අපි මේ ආර්ථිකය ඉදිරියට ගෙනයනවිට අපට පුලුවන් එදා අප පොරොන්දුවුණු ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරනන්ට.

අපි මේ අභියෝග මධ්‍යයේ මොන රජයද පළවෙනි අවුරුද්දෙදි ලක්ෂයක් ලබා දුන්නෙ. අපි තමුන්නාසෙලාට සහන ලබා දුන්නා මේ අමාරු කාලයේ දි. අපි ඉදිරියෙදි මේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයනවිට අප එදා පොරොන්දු වුණු මේ සෞභාග්‍යයේ දැක්ම ඉදිරි අවුරුදු තුන ඇතුලෙ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කරනවා.

ඒ වගේම තමුන්නාසේලා බලන්න අද විවිධ දේශපාලනික බලවේග හින්දා වැඩ වර්ජනවලට යනවා. මම ඒ අයගෙන් ඉල්ලා සිටිනවා ජනතාව දෙස බලන්න. ඔබේ වගකීම තියෙන්නෙ ආණ්ඩුවට නොවෙයි. ඔබේ වගකීම තියෙන්නෙ ජනතාව වෙනුවෙන්. ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් සේවය කරන්න. මම රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටිනව ඔබගේ වගකීම ජනතාව වෙනුවෙන් ඉටු කරන්න. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්නට.

මේ පණිවිඩය තමුන්නාසේලාට දෙමින් අද තමුන්නාසේලා මේ අවස්ථාවට සහභාගී වීම ගැන ස්තුතිවන්ත වෙමින් ඒක ඉතාම ධෛර්යයක් බව ප්‍රකාශ කරමින්, තමුන්නාසේලාට ජය වේවා, සෞභාග්‍යයේ දැක්මට ජයවේවා ජයවේවායි ප්‍රාරථනය කරමින්, මගේ කතාව අවසන් කරනවා. තෙරුවන් සරණයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුළු වැරදිවලට බන්ධනාගාරය වෙනුවට නිවාස අඩස්සිය…. බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් අලුත් යෝජනාවක්!

Next Post

වියලි කාලගුණයේ වෙනසක්… ප්‍රදේශ කිහිපයකට තද වැසි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.