දිවයිනේ පොදුවේ පැවති වියලි කාලගුණ තත්වය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටී.
සෙසු ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ සඳහන් වේ.
උතුරු සහ නැගෙනහිර පළාත්වල අහස වළාකුළින් බරව පවතිනු ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.







