ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීලඟ ජනාධිපති අපේක්ෂක ධුරය ධම්මික පෙරේරාට හිමිවනු ඇති බව එම පෙරමුණේ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් ලංකාසරට පැවසීය.
ඒ අනුව දිගු දේශපාලන ගමනක් යෑමේ අරමුණින් ධම්මික පෙරේරා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් බව එම හිටපු ඇමතිවරයා සඳහන් කළේය.
පොදුජන පෙරමුණ නව මුහුණුවරකින් ප්‍රතිසංවිධානය කිරිමට සැලසුම් කර ඇති බවත් එම කටයුතුවලින් පසු පොදුජන පෙරමුණත් දේශපාලන පක්ෂ හා සංවිධානත් ඒකාබද්ධ වූ සන්ධානයකින් මැතිවරණවලට ඉදිරිපත් වන බව ඔහු පැවසීය.
පොදු ජන පෙරමුණ ශක්තිමත් කිරිමේ වැඩපිළිවෙළට බැසිල් රාජපක්ෂ නායකත්වය ලබා දෙන බවත් ඔහුගේ උපදෙස් මත ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කරන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය.