ලලිත් චාමින්ද –
සාමාන්‍ය අධ්‍යාපන නවිකරණ ව්‍යාපෘතිය යටතේ ඉංග්‍රිසි හා ගණිතය යන විෂයයන් ප්‍රවර්ධන කිරිම සඳහා වෙන්කළ මුදලින් රුපියල් 20,474,489ක මුදලක් ව්‍යාපෘති අරමුණුවලට පටහැනිව වැයකොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
මෙම ව්‍යාපෘතිය යටතේ ඉංග්‍රිසි හා ගණිතය යන විෂයයන් ප්‍රවර්ධන කිරීම සදහා 2019 හා 2020 වර්ෂ සදහා රුපියල් මිලියන 35ක් ලබාදි තිබුණි. එහෙත් ව්‍යාපෘතියේ අරමුණුවලට පටහැනිව දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ පුද්ගලික ධාරිතාවය වැඩිදියුණු කිරිම, සිංහල හා දෙමළ මාධ්‍යයෙන් ළමා කථාන්දර පොතක් නිර්මාණය කිරිම, 5 ශ්‍රේණියේ පෙළපොත් සමාලෝචන වැඩමුළු පැවැත්විම, උපකරණ මිලදි ගැනිම වැනි කාර්යන් සඳහා රුපියල් 2, 04,74,489 ( දෙකෝටි හාර ලක්ෂ හැත්තෑ හතර දහස් හාරසිය අසූ නවයක්) ක මුදලක් වැයකොට ඇති බැව් විගණනය මගින් අනාවරණය කොට ඇත.
කෙසේවුවද ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විගණනයට ප්‍රකාශකොට ඇත්තේ මේ සදහා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතිය ලබාගෙන ඇති බවය. . අධ්‍යාපන ප්‍රකාශන දේපාර්තමේන්තුව සම්බන්ධව 2020 වර්ෂයට අදාලව මෙම විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.







