සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් විස්සයි 20 තරගය අද (11) මහනුරව පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත් වේ.
තරගයේ ප්‍රවේශපත්‍ර දෙවන තරගය පැවැත්වීමටත් පෙර නිමා වී තිබිණි. මේ වනවිට තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාව විසින් තහවුරු කරගෙන ඇත්තේ 2-0 ලෙසිනි.
අද තරගය රාත්‍රී 7ට ආරම්භ වේ. කාලගුණ අනාවැකිවලට අනුව අද බොහෝ විට තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීමට නියමිතය.