මෙරටට නිසි ප්‍රමිතියකින් තොර බාල ඖෂධ ආනයනය කර ඇති බවත්, එම ඖෂධ තොගයෙන් පොලොන්නරුව රෝහල වෙත ලබා දුන් බෙහෙත් පෙති හා කරල් ලක්ෂ 05ක් මේ වනවිට රෝගීන් වෙත නිකුත් කර ඇති බවත් සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය හෙළි කරයි.
එම සංගමයේ සභාපති රවීකුමුදේශ් අද (07) මාධ්‍ය හමුවකට එක් වෙමින් හෙළිදරවු කළේ 2020 විගණන වාර්තාවෙන් මෙම ප්‍රමිතිගත නොවන ඖෂධ ආනයනය පිළිබඳ හෙළිදරව් කර ඇති බවය.
“ ක්ෂුද්‍ර ජීවීන් ඇතුළු අහිතකර ද්‍රව්‍ය අඩංගු මෙම ඖෂධ මේ වනවිට රෝගීන් විසින් පාවිච්චි කරලා. මේ මිනිස්සුන්ගෙ ජීවිතවලට සෞඛ්‍ය අමාත්‍යවරයෙක් හෝ වගකිවයුතු බලධාරියෙක් වගකියන්නෙ නෑ. මේ බාල ඖෂධ ගෙනත් තියෙන්නෙ පෙර පැවති රජයෙන්. එහෙනම් මේ අපරාධය මේ රජයෙන් නිවැරදි විය යුතුයි. ප්රශ්නය ඒ වැරැද්ද නිවැරදි නොවීමයි “. ඔහු පැවසුවේය.
ඖෂධ සම්බන්ධව වෙනම අමාත්‍යාංශයක් පිහිටුවනු ලැබුව ද ඉන් සිදුවූයේ පෙරටත් වඩා අප්‍රසන්න අත්දැකීම්වලට රටේ ජනතාවට මුහුණ දෙන්නට සිදුවීම බව කී සභාපතිවරයා මේ අමාත්‍යාංශය පිහිටුවමෙන් අනතුරුව තාක්ෂණික ඇගයීම් කමිටුවල වංචාසගහත තීරණ නිසා පී.සී.ආර්. ප්‍රතික්‍රීයක වැඩි මිලට ගැනීම හේතුවෙන් පමණක් මාස කීපයක දී රුපියල් මිලියන 125ක් රජයට අහිමි වූ අයුරු පෙන්වා දුන්නේය.