ඇෆ්ගනිස්ථානය සහ නවසීලන්තය අතර තරගය ආරම්භ කර තිබේ. කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීම තෝරා ඇත.
අවසන් පූර්ව වටයට නොතේරුණු ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට රටට පැමිණ ඇති අතර මේ තරගය ගැන අපේ ක්‍රීඩා ලෝලීන් උනන්දුවන්නේ එය ඉන්දියාවේ ඉරණම තීන්දු කරන තරගය වන බැවිනි.
ඉන්දියාව තරග වදින දෙවැනි කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය සඳහා පාකිස්ථානය සුදුසුකම් ලබා තිබේ. දෙවන ස්ථානයේ පසුවන්නේ නවසීලන්තයය. ඉන්දියාව තුන්වන තැන හිඳී.
කෙසේ හෝ අද නවසීලන්තය පරදා ඇෆ්ගනිස්ථානය ජයග්‍රහණය කළහොත් ඉන්දියාව ඉදිරියට පැමිණේ. අවසන් පූර්වටයට එවිට ඉන්දියාවට අවස්ථාව සැලසේ. නවසීලන්තය ජයග්‍රහණය කළහොත් ඉන්දියාවට ලෝක කුසලාන සිහිනය බොඳ කරගෙන අවසන් පූර්ව වටයෙනුත් විසිවී සිය රට බලා යන්නට සිදුවේ.
මේ වනවිට ඇෆ්ගනිස්ථානය නවසීලන්තය හමුවේ සිටින්නේ අසීරු අඩියකය. පන්දු ඕවර 09ක් තුළ කඩුළු තුනක් දැවී ලකුණු 48ක් ලබාගෙනය.