දිවයින පුරා සෑම ත්‍රිරෝද රථයකට ම ආරක්ෂිත QR ලබාදීමේ වැඩසටහන අද නාවලපිටියෙන් ආරම්භ කොට තිබේ
ත්‍රිරෝද රථයේ හිමිකරුගේ සහ ත්‍රිරෝද රථයේ සියලුම දත්ත ඇතුළත් කරමින් QR ඛේතය ස්ටිකරය ක් ලෙස සකසා තිබේ .
සැම පොලිස් ස්ථානයකටම එම QR ඛේතය පරික්ෂා කිරිම සඳහා මෘදුකාංගයක්ද හඳුන්වා දි ඇත. ජංගම දුරතනය මගින් එම මෘදුකාංගය උපයෝගි කර ගෙන QR ඛේතය පරික්ෂා කිරිමේදී ත්‍රිරෝද රථයේ සවිස්තර වාර්තාවක් පොලිස් නිලධාරියාට ලබාගත හැකිය.
මෙම QR ඛේතය සහිත ස්ටිකරය ඇලවීමෙන් ත්‍රිරෝද රථ උපයෝගි කරගෙන සිදු කරන අපරාධ වලක්වා ගැනිමටත්, ත්‍රිරෝද රථ සොරකම් කිරීම පාලනය කිරිමටත් අවස්ථාව ලැබෙන බව පොලිසිය පවසයි.
මොටර් රථ දෙපාර්තුමේන්තුව සහ ශ්‍රි ලංකා පොලිසිය එක්ව ත්‍රිරෝද රථ සදහා QR ඛේතයක් සහිත නව ස්ටිකරයක් හඳුන්වා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලබයි.
සෑම පොලිස් ස්ථානයක් සඳහාම QR ඛේතය සහිත ස්ටිකරය ලබා දීමට නියමිතය. පොලිසියේ ලියාපදිංචි වී ඇති සෑම ත්‍රිරෝද රථයකටම අදාළ ස්ටිකරය ලබා දීමට පොලීසිය පියවර ගෙන තිබේ.
ස්ටිකරය අලවන ලද ත්‍රිරෝද රථවලට පමණක් ඉදිරියේදී ප්‍රධාන නගරවල රථ ගාල්වල නවතා ත්‍රිරෝද රථ ධාවනය කිරිමට අවස්ථාව ලැබෙන බව පොලීසිය පවසයි.
අදාළ වැඩපිළිවෙළ නාවලපිටිය නගරයේ ක්‍රියාත්මක කරමින් නාවලපිටිය පොලිසියේ රථ වාහන අංශ නිලධාරියෙකු පැවසීය.