ඉදිරි පැය 24 තුළ ප්‍රදේශ කීපයකට මිලි මීටර 150 ඉක්මවූ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
බස්නාහිර, සබරගමුව පළාත්වලටත් මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලටත් මේ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වයඹ සහ උතුරු පළාත්වලට මිලිමීටර 100 ඉක්මවූ වැසිත්, දිවයිනේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර 75 ඉක්මවූ තද වැසිත් ඇතිවිය හැකි බව එම නිවේදනයේ දැක්වේ.







