මනම්පිටිය නිමල් ජයරත්න –
දින කිහිපයක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක පවුල් දෙසිය පනස් හතක පුද්ගලයින් නමසිය පස්දෙනෙකු අවතැන් වී ඇති බව පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කාර්යාලය සඳහන් කරයි.
මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් තමන්කඩුව, හිඟුරක්ගොඩ, ලංකාපුර, දිඹුලාගල, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මෙම පවුල් අවතැන් වී ඇතිි අතර, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මනම්පිටිය වසමේ අවතැන් වී සිටින පවුල් විසි එකක පුද්ගලයන් පනස් නවදෙනෙකු මනම්පිටිය දෙමළ මහා විද්‍යාලයේ රඳවා තබමින් ඔවුනට අවශ්යා සහන ලබාදීමට කටයුතු කර ඇති බව පොළොන්නරු දිස්ත්‍රික් ආපදා කලමනාකරන සහකාර අධ්යක්ෂ රංජිත් අලහකොන් අප කළ විමසීමකදී සඳහන් කළේය.
හිඟුරක්ගොඩ, ලංකාපුර, තමන්කඩුව, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අවතැන් පවුල් ඔවුන්ගේ ඥාති නිවාසවල රැඳී සිටින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරන කාර්යාලය සඳහන් කරයි.
මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් කොටලීය, ගල්ලෑල්ල, දිඹුලාන, නෙළුම්විල, විජයරාජපුර මොරගස්වැව යන වසම්වල අවතැන් වූ පවුල් ඔවුන්ගේ ඥාති නිවාසවල රැදී සිටින අතර දිස්ත්‍රික්කයේ වැඩිම ආපදාවකට ලක්වී ඇත්තේ ද තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එම ගම්මානවල බවද ආපදා කළමනාකරන කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.
දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් අවතැන් වූ පවුල් සඳහා සහන ලබාදීමට ඒ,ඒ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බව පොළොන්නරුව ආපදා කළමනාකරන සහකාර අධ්යක්ෂ රංජිත් අලහකෝන් අප කළ විමසීමකදී වැඩිදුරටත් කීවේය.