තිරුක්කෝවිල් පොලිස් ස්ථානය තුළ සිදුකළ වෙඩිතැබීමකින් නිලධාරීන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ. ඊයේ රාත්‍රියේ සිදුකළ එම වෙඩි තැබීමෙන් ඊයේම පොලිස් නිලධාරීන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබිණි. අද උදේ තවත් එක් නිලධාරියෙක් මියගොස් ඇති බව පොලිසිය වාර්තා කළේය.
එම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයෙක් විසින් එම වෙඩිතැබීම සිදුකර තිබිණි. වෙඩි තැබීමට හේතුව රාජකාරි නිවාඩු පිළිබඳ ඇතිවූ ගැටුමක් බව වාර්තා වේ.
එම වෙඩි තැබීම 24 වනදා රාත්‍රීයේ සිදුකර ඇති අතර ඉන් පොලිස් ස්ථානාධිපති ඇතුළු තවත් දෙදෙනෙක් තුවාල ලබා කල්මුණේ අෂ්රෝෆ් අනුස්මරණ රෝහල වෙත ඇතුළත් කෙරිනි. අද මීට ස්වල්ප වෙලාවකට පෙර මියගොස් තිබුණේ මේ තිදෙනාගෙන් අයෙකි.
පොලිස් ස්ථානාධිපතිවරයා සහ තවත් අයෙක් මේ වනවිට අසාධ්‍ය තත්වයෙන් ප්‍රතිකාර ලබයි.
වෙඩි තැබීමෙන් පසු සැකකරු පසුව ඇතිමලේ පොලිස් ස්ථානය වෙත භාරවී තිබුණි.







