අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දකින දකින නිලධාරීන්ට වෙඩි තබමින් පොලිසිය යටත් කරගත් තිරුක්කෝවිල් ඝාතකයා…

4ක් මරා දමා 4කට බරපතල තුවාල සිදුකර ගිනි අවි දෙකක් සහ උණ්ඩ 500ක් රැගෙන පලා ගිය හැටි....

by editor
දෙසැම්බර් 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සුසන්ත අමරබන්දු –

රාජකාරි නිවාඩු සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් යැයි ප්‍රකාශ වුව ද තිරුක්කෝවිල් පොලිසියේ ප්‍රහාරක ඝාතකයාගේ හැසිරීම කුමක් නිසා සිදුවී ඇතිදැයි තවම අනාවරණය වී නැති බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම ඝාතකයා පොලිස් සැරයන්  40685   එම්.එම්.ඩී රවීන්ද්‍ර කුමාර නැමැත්තෙකි.

මේ වනවිට සිද්ධියෙන් සිවු දෙනෙක් ඝාතනය වී තවත් සිවු දෙනෙක් බරපතල තුවාල සහිතව කල්මුණේ අෂ්රොෆ් රෝහලේ ප්‍රතිකාර ගනිමින් හිඳී.

සිද්ධියෙන් ඝාතනය වී ඇත්තේ පොලිස් කොස්තාපල් 78857 ප්‍රබුද්ධ,  පොලිස් කොස්තාපල් 8861 නවීන්,  පොලිස් කොස්තාපල් රියදුරු 17382 තුෂාර, පොලිස් සැරයන් 44132 කාදර් යන අයය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ වනවිට බරපතල තුවාල සහිතව ගේට්ටුවේ රාජකාරි කළ පොලිස් කොස්තාපල් කන්දසාමි 44386,  සැරයන්  14787 ගුණවර්ධන, පොකො රියදුරු 89730 කුමාර සහ පොලිස් ස්ථාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දෙහිගම කල්මුණේ අෂ්රොෆ් රෝහලේ ප්‍රතිකාර ගනිමින් ඇත.

සිද්ධිය වාර්තා වන්නේ මෙසේය.

තිරුක්කෝවිල් පොලිසියට නිලධාරීන් 45ක් පමණ අනුයුක්ත කර සිටිති. රාත්‍රී රාජකාරි සඳහා ඉන් තුනෙන් එකක සංඛ්‍යාවක් යොදවා තිබේ.

ඝාතකයා පොලිස් සැරයන්  40685   එම්.එම්.ඩී රවීන්ද්‍ර කුමාර  ඊයේ රාත්‍රියේ 12ට පමණ එක්වරම ගේට්ටුවේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරියා වෙත ගොස් ඔහුගෙන් රාජකාරි ගිනිඅවිය උදුරාගෙන ඔහුට මුලින්ම වෙඩි තබා ඇත.

පසුව උපසේවා භාර නිලධාරියා වෙත ගොස් ඔහුටත් වෙඩි තබා ඔහු අසල සිටි පරිගණක භාර නිලධාරියාට වෙඩි තබා තිබේ.

ඝාතකයා   දකින දකින නිලධාරියාට වෙඩි  තබන්නට පටන් ගත් නිසා පොලිසියේ අනෙක් නිලධාරීන් ජීවිතාරක්ෂාව පතා සඟවී ඇත. ඒ අවස්ථාවේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජිප් රථය රාජකාරියක් සඳහා ගොස් පොලිසියට පැමිණ නවත්වා තිබේ. එහි පැමිණ ඇත්තේ පොලිස් රියදුරෙක් සහ  නිලධාරියෙකි. ඔවුන් දෙදෙනාටත් ඝාතක සැරයන්වරයා වෙඩි තබා ඇත.

පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණ ඇත්තේ යතුරුපැදියකිනි. ඝාතකයා ස්ථානාධිපතිවරයා වෙත තැබූ වෙඩිල්ල වැඩී ඇත්තේ අතටය.

දකින දකින නිලධාරීන්ට වෙඩි තබමින් පැය භාගයක් පමණ පොලිසියේ රැඳී සිටි ඔහු අනතුරුව   ඔහුගේ UP-  DAE 6675 දරන බොලෙරෝ ජිප් රථයෙන් පලා ගොස් ඇත්තේ ගිනි අවි දෙකක් සහ උණ්ඩ 500ක් පමණ සහිත මැගසින් 19ක් රැගෙනය.

අනතුරුව ඔහු පොතුවිල, සියඹලාන්ඩුව හරහා ඇතිමලේ ඔහුගේ නිවසට ගොස් ඇත. මේ තැනැත්තා පදංචිව සිට ඇත්තේ නවදා හන්දිය ගැමුණුපුර ඇතිමලේ ලිපිනයේය.

වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සිද්ධිය වූ ස්ථානයේම මියගොස් ඇති අතර තවත් නිලධාරියෙක් රෝහල වෙත රැගෙන යද්දී මිය ගොස් ඇත. අද උදෑසන පොලිස් සැරයන්වරයා මිය ගියේය.

සිද්ධිය වාර්තා වී අවට පොලිස් ස්ථානවලින් නිලධාරින් සහ හමුදාවත්, විශේෂ කාර්ය බලකායත් පැමිණෙන විට ඝාතකයා පලා ගොස් තුවාලකරුවන් රෝහල වෙත රැගෙන ගොස් තිබී ඇත.

ඝාතකයා භාරවී ඇත්තේ ඔහුගේ නිවස පිහිටි පොලිස්බල ප්‍රදේශයට අයත් ඇතිමලේ පොලිසියටය.

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිසිය තුළ සැරයන්වරයෙක් කළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් 04ක් මරුට…

Next Post

ලංකාවේ දැවැන්තම ව්‍යාපාරිකයෙකුගේ අත්සන හොරට ගහලා… තිලංග සුමතිපාලට චෝදනාවක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.