කීර්ති ප්‍රනාන්දු –
ජනාධිපතිවරයා පොලිස්පති ධූරය සඳහා නුසුදුසු පුද්ගලයෙක් පත් කර ඇති බවත් එම පත්කිරීම කතෝලික සභාව ලෙස පිළිගත නොහැකි බවත් කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමෝ පවසති.
ලංකාසර කළ විමසුමකදී උන්වහන්සේ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ චෝදනා රාශියක් සහිත මෙම පුද්ගලයා හැර ශ්‍රී ලංකාපොලිසියේ පොලිස්පති ධූරයට තෝරා ගන්නට වෙනත් අයෙක් නොසිටියේ දැයි පැනයක් මතුවන බවය.
“ජනාධිපතිවරයා දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කරලා තියනවා. මේ පත්වීමට අපට එකඟ වෙන්න බෑ. මොකද ඔහුට චෝදනා රාශියක් තියනවා. දෙසීය පනහකට වඩා ජීවිත අහිමි කළ පන්සියයටකට වඩා තුවාල සිදුවුන පාස්කු ප්‍රහාරය සම්බන්ධව එයා චූදිතයෙක්. එයාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න කියලා මෙම ප්‍රහාරය සම්බන්ධව විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවෙන් නිර්දේශ කරලා තියනවා.
“මිනිස්සු සිය ගණනක් ඝාතනය වෙච්චි සිද්ධියක ජනාධිපති කොමිෂන් සභාවකින් චූදිතයෙක් බවට පත් කළ පුද්ගලයෙක්. එයාගෙ වගකීම් එයා ඉටු කරලා නෑ කියලා එම කොමිෂන් සභාවෙන්ම නිර්දේශ කරපු පුද්ගලයෙක්. ඉතින් එහෙම පුද්ගලයෙක් රටේ නීතිය සාමය ආරක්ෂා කරන පොලිසියෙ පොලිස්පති කළාම අපට විශ්වාස කරන්න බෑ පොලිසිය කොයි විදිහට ක්‍රියාත්මක වෙයිද කියලා.”
“ මේ තත්ත්වය අපට පිළිගන්න බැරි නිසා තමයි කතෝලික සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියෙ. මේ වනවිට ඔහුට එරෙහිව අපත් සමග පාර්ශව හතක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු කරලා තියනවා..”
“ශ්‍රේෙ එම පෙත්සම් හෙට විභාගයට ගැනෙනවා. එම අධිකරණ ක්‍රියාවලියෙන් පසසේ බලමු අපි මොකද වෙන්නේ කියලා. “
සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ කීහ.







