මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කර තිබේ.
දේශබන්දු තෙන්නකෝන් විසින් මීට සුළු මොහොතකට පෙර අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගෙන් ලබාගෙන ඇත.
දේශබන්දු තෙන්නකෝන් 1971 වසරේ උපත ලැබූ අතර පාසල් අධ්‍යාපනය ලැබුවේ කොළඹ නාලන්දා විද්‍යාලයෙනි. පසුව, කොළඹ විශ්ව විද්‍යාලයෙන් ප්‍රථම උපාධිය ලබා ගැනීමෙන් පසු 1998 දී ශ්‍රී ලංකා පොලිස් සේවයට බැඳුණු ඔහු ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.
ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ඇත. ඔහුගේ වත්මන් පත්වීමට පෙර, දේශබන්දු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවය කළේය.
කෙසේ වෙතත් දේශබන්දු තෙන්නකෝන් අතිශය විවාදිත චරිතයක් වුවා මෙන්ම ඔහු වැඩබලන පොලිස්පති ධූරයට පත් කිරීම පිළිබඳව ද රටේ සමාජ දේශපාලන මෙන්ම නෛතිකව ද අතිශය බරපතල විසංවාදයක් ඇති විය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් යෝජනා කිරීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක සභාව විසින් දේශබන්දු තෙන්නකෝන් 36 වැනි පොලිස්පතිවරයා ලෙස නම් කර තිබේ.