පූර්ණ එන්නත්කරණයට ලක් වූ විදේශිකයන් මෙරටට පැමිණීමේදී ගුවන් තොටුපලේදී හෝ වරායේදී සිදුකළ යුතු පීසීආර් හෝ ඇන්ටිජන් පරික්ෂාවන්ට ලක් වීම අද (01) සිට නතර කර ඇතැයි නිරෝධායන ඒකකයේ විශේෂඥ වෛද්‍ය දිල්හානි සමරසේකර සඳහන් කරයි.
මෙරටට පැමිණීමට මාස 6ට පෙර කිසියම් පුද්ගලයෙකුට කොවිඩ් රෝගය වැලදී ඇතිනම් හා එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබා ගෙන ඇති නම් එවැනි පුද්ගලයින් පීසීආර් හෝ ඇන්ටිජන් පරික්ෂාවකට ලක් වීම අනිවාර්යය නොවන බවද ඇය සදහන් කරයි.
ඒසේම මෙරටට පැමිණීමට මාස 6ට වඩා වැඩියෙන් යම් පුද්ගලයෙකුට කොවිඩ් රෝගය වැලදී ඇතිනම් හා එම පුද්ගලයා එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබා ගෙන තිබේ නම් එවැනි පුද්ගලයින් මෙරටට පැමිණීමට පැය 48ට පෙර ඇන්ටිජන් පරික්ෂාවකට හෝ පැය 72ට පෙර පීසීආර් පරික්ෂාවට ලක්විය යුතු යැයි වෛද්‍ය සමරසේක කියයි
අදාල පරික්ෂාවන් පිලිගත් ආයතනයකින් ලබාගෙන වාර්තාවන් ඉදිරිපත් කිරිම ද අනිවාර්ය වී ඇතැයි ඇය සදහන් කරයි.







