රුසියානු සහ යුක්රේන සාකච්ඡා බෙලරුස්හිදී අවසන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
දෙපාර්ශවය උපදේශන සඳහා ඔවුන්ගේ අගනුවර වෙත ආපසු ගොස් ඇති බව යුක්රේන ජනාධිපති වොලොඩමිර් සෙලෙන්සිකි ගේ උපදේශක මිඛයිලෝ පොඩොලැක් k සාකච්ඡාවලින් මාධ්‍ය වෙත පවසා ඇත.
“සාකච්ඡාවල අරමුණ යුක්රේන භූමියේ සටන් ක්‍රියා අවසන් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමයි. දෙපාර්ශවය ඉදිරි උපදේශන සඳහා ඔවුන්ගේ අගනුවර වෙත ආපසු යමින් සිටිති. මෙම තීරණවල වර්ධනයක් ලෙස තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට දෙපාර්ශව සාකච්ඡා කළා ” මිඛයිලෝ කීවේ එසේය..
මේ සාකච්ඡා නිමාවූ පසුත් අවසන් මොහොතේදී කියෙව්හි විශාල පිපිරීම් තුනක් ඇසිනු බව සී.එන්.එන් කීවේය. මේ පිපිරීම් ඇසී තිබුණේ කියෙව් හි වෙලාවෙන් සවස 6.40ට පමණය.