අනුරාධපුර – පර්සි කුරුනේරු –
බිනර පුරපසළොස්වක පෝය නිමිත්තෙන් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධිය සහ ස්වර්ණමාලී චෛත්‍යාරාමය ඇතුළු අටමස්ථානය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ආගමික වැඩසටහන් සංවිධානය කොට තිබූ අතර ඊට දිවයිනේ විවිධ ප්‍රදේශය වලින් විශාල සැදැහැවත්තු පිරිසක් සහභාගීවී සිටියහ.
අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ගෞරව ශාස්ත්‍රවේදී පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනා මත මේම පූජෝත්සව සංවිධානය කර තිබිණි.