ශ්‍රියානි විජේසිංහ –
ජනාධිපති ලේකම්වරයා සහ , මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සමඟ වෘත්තීය සමිති 72ක නියෝජනය කරන වෘත්තිය සමිති නියෝජිතයින් අද දහවල් 12.00න් පසුව ආරම්භ කරන සාකච්ඡාවෙන් අනතුරුව දැනට තාවකාලිකව නතර කර ඇති වැඩ වර්ජනය පිලිබඳව තීරණය නිවැරදිව ප්‍රකාශයට පත්කල හැකි බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ් සඳහන් කරයි.
මෙම සාකච්ඡාවේදී වෛද්‍යවරුන්ට ලබා දුන් DAT දිමනාවට සාපේක්ෂව සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ අනෙකුත් සාමාජිකයින්ටද ඔවුන් ලබන මූලික වැටුපට සමානුපාතිකව එම දීමනාව ලබා දෙන මෙන් ඉල්ලා මෙම සාකච්ඡාව පවත්වන බවත් එම සාකච්ඡාවේදී සාධාරණ විසඳුමක් නොලැබුණහොත් දිවයින පුරා රෝහල්වල අඛණ්ඩ වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත්කරන බවත් හෙතෙම අනතුරු අඟවා සිටියි.
මේ අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අඟවා සිටිනුයේ වෛද්‍යවරුන්ට සහ විශේෂඥ වෛද්‍යවරුන්ට පමණක් හිමි DAT දීමනාව සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ අනෙකුත් සාමාජිකයින්ටත් ලබා දෙන්නේ නම් එයට විරෝධය පළ කරමින් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බවය.







