ශ්‍රියානි විජේසිංහ –
රක්ෂිත බන්ධනාගාරව සිටියදී කැබිනට් ඇමති තනතුරක් දැරිම තවදුරටත් සුදුසුද යන්න සහ කැබිනට් ඇමතිවරයෙක් ලෙස තව දුරටත් රැදී සිටීමේ සාදාචාරාත්මක අයිතියක් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළි රඹුක්වැල්ලට තිබෙන්නේද යන්න පිලිබඳ බුද්ධිමත්ව සිතා බැලිය යුතු ප්‍රශ්නයක් වී අතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටියි.
එසේම කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස තව දුරටත් කැබිනට් මණ්ඩලය තුළ රඳවා ගැනීමේ සාදාචාරායක් ජනාධිපතිවරයාට පවතින්නේද යන්න පිළිබඳවද රටේ පොදු ජනතාව මෙන්ම සංගමයද බලා සිටින බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි.
කෙහෙළිය රඹුක්වැල්ලට මේ වන විට ඖෂධ වංචාවක් සම්බන්ධයෙන් බරපතල චෝදනාවන් එල්ල වී ඇති බවත් මෙම චෝදනා ඉතා බරපතල ඒවා බවත් සෞඛ්‍ය ඇමතිවරයාගේ භූමිකාව ඉතාමත් ප්‍රශ්න සහගත තැනකට පත්ව තිබෙන බවත් හෙතෙම කීය.
“කැබිනට් ආමාත්‍යවරයෙකුට මෙවැනි චෝදනාවන් එල්ල වූ දෙවැනි ඇමතිවරයා තමයි කෙහෙළිය. මීට පෙර මෙවැනිම කැබිනට් ඇමතිවරයෙකුට මෙවැනිම චෝදනාවක් එල්ල වුණා. ඔහු අදටත් කැබිනට් මණ්ඩලය තුළ යහතින් වැජඹෙමින් සිටිනනවා” යැයිද වෛද්‍ය චමිල් අවධාරණය කරයි.







