සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කළහ කළ කන්දකාඩු රැඳවියන් 14ක් රක්ෂිත බන්ධනාගාරයට…

by editor
පෙබරවාරි 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමින් අනතුරුව   වැලිකන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගත් රැඳවියන් 14 දෙනකු  පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් පෙබරවාරි 8 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත් 2 ජී.පී.ඩී. සඳරේකා ඊයේ (05) නියෝග කළාය.

මෙම ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් දහදෙනෙකු සහ ගැටුම සමථයකට පත් කිරීමට මැදිහත් වූ යුද හමුදා සෙබලෙකු වැලිකන්ද හා පොළොන්නරුව රෝහල්වල තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බව වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගොස් සෝමාවතිය පුදබිම ආසන්නයේ සංචාරක නිවාඩු නිකේතනයේ නවතා තිබූ බස් රථය මංකොල්ල කෑමට තැත් කිරීම සහ ආරක්ෂක නිලධාරීයාට පිහියෙන් ඇන පහරදී තුවාල සිදුකර  ඔහු සතුව තිබූ රුපියල් පනස්දාහක මුදල සහ ජංගම දුරකථන දෙකක් පැහැරගැනීමට සම්බන්ධව අත්අඩංගුවට ගත් රැඳවියන් විසි එක්දෙනෙකු පුලස්තිපුර පොලිසිය මගින් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් ගැටුමට යොදාගත් යකඩ පොලූ මුගුරු ඇතුළු කතුරු රැසක් මෙන්ම ඔවුන් සතුව තිබූ දුම්කොල, දුම්වැටි හා මත්ද්‍රව්‍ය තොගයක් ද වැලිකන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිතර ගැටුම් ඇති කරගන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පිරිස් බවද එම මධ්‍යස්ථානයේ උසස් හමුදා නිලධාරියකු අප කළ විමසීමකදි සඳහන් කළේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආහාර ගැටලු මුල් කරගනිමින් මීට පෙර අවස්ථා කිහිපයකදීම රැඳවියන් එම මධ්‍යස්ථානයෙන් පලාගිය අතර ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ආරක්ෂක අංශ මෙන්ම පොලිසිය සමත් වූහ.

කන්ඩකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කර තිබෙන අතර මේ එම මධ්‍යස්ථානයේ මේ වනවිට රැඳවියන් 202 නෙකු පුනරුත්ථාපනය වෙමින් සිටිති.

විවිධ ප්‍රදේශවලින් පැමිණි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙහි ගැටුම් ඇතිකර ගනිමින් පාලනය තම අතට ගැනීමට උත්සාහ දරමින් සිටින බවත්, එවැනි තත්ත්වයන් හමුවේ ඒ ඒ පිරිස් අතර පහුගිය කාල පුරා  ගැටුම් ඇතිකර තිබෙන බවට තොරතුරු ලැබී තිබෙන, පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි   සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනුරගේ ඉන්දීය සංචාරය ගැන ඉන්දියාවෙන් ඇසුණු කතා….

Next Post

රක්ෂිත බන්ධනාගාරයේ සිටින පුද්ගලයෙක් කැබිනට් ඇමති ධූරයක රඳවා ගන්න ජනාධිපතිට සදාචාරයක් තියනව ද? – GMOA අසයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.