මිලි ග්‍රෑම් 500 පැරසිටමෝල් පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 2 ශත 30 බවට ප්‍රකාශ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.
එම මිල පසුගිය 28 දා සිට බල පැවැත්වීමට නියමිතව ඇත.
මෙම ගැසට් නිවේදනය නිකුත් වන්නේ රෝහල්වල මෙන්ම ඖෂධ අලෙවිසල්වල ද පැරසිටමෝල් ඖෂධය ඇතුළු ඖෂධ ගණනාවක් හිඟව ඇති පරිසරයකදී ය.
ඩොලර් හිඟය හේතුවෙන් ඖෂධ ආනයනයට ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් වඩාත් දැඩි ඖෂධ හිඟයක් ඇතිවීමේ අවධානමක් ගැන ශ්‍රී ලංකා ඖෂධ සංසදය ඊයේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.







