දිනසේන රතුගමගේ –
යාපනය නල්ලූර් කන්දසාමී කෝවිලට අයත් කුඹුරු යායේ රන් අස්වැන්න නෙලීමේ 288 වෙනි වාර්ෂික මංගල්ලය පුරාණ චාරිත්‍රවලට අනුව උත්සව ශ්‍රීයෙන් යුතුව ඊයේ (2) එම කුඹුරු යායේදී සිදු වුණි.
මේ රන් අස්වැන්න නෙලීම සදහා සහභාගී වන හින්දු පූජකවරු හත් දෙනා විශේෂ ක්‍රමවේදයකට අනුව තෝරා ගන්නා අතර මුල් හෝරාවේදී නෙලාගන්නා අස්වැන්නෙන් කිරිබත් පිස නල්ලූර් කෝවිලේ විශේෂ පූජාවට යොදා ගනියි.
ඊට පෙර කපා ගන්නා ලද ගොයම් වලින් මුල්ම පිඩද කෝවිලේ පූජාවට තැබෙන අතර එය සිදුවන තුරු රන් ඇස්වැන්න නෙලීමට සහභාගිවන හින්දු පූජකවරුන් කිසිම වචනයක් කතා නොකිරීම එදා සිට පැවත එන චාරිත්‍රයකි.
රන් අස්වැන්න නෙලීමට එක්වන පූජකවරුන් හත් දෙනා හෝරාවකින් පසුව ස්නානය කොට කෝවිල වෙත පැමිණ අදාල පූජාවන් හා චාරිත්‍රයන් ඉටු කිරීමෙන් අනතුරුව කතා බහ කිරිම අරඹයි.







