බොරතෙල්, ගෑස් සහ ගල් අඟුරු මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාව රුසියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක ණයක් ඉල්ලා ඇති බව වාර්තා වේ.
මේ වන විට දැවැන්ත විදේශ මුදල් අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව රුසියාවෙන් මෙම ණය ආධාරය ඉල්ලා ඇත්තේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට පෙර හෝ පසුවච යන්න පැහැදිලි නැති බව මූලාශ්‍ර කියයි.
රුසියාවට එරෙහි එක්සත් ජාතීන්ගේ ඡන්දයේදී ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
මේ අතර, රුසියානු කර්මාන්ත හා වෙළඳ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු වෙළඳ නියෝජිත පිරිසක් මේ මේ වනවිට ලංකාවට පැමිණ සිටිති.
මෙම සංචාරයේ දී රුසියානු කර්මාන්ත හා වෙළඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද හමුවී තිබේ.







