ඊයේ අත්අඩංගුවට ගත්, ජනතා අරගලයේ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කළ පැතුම් කර්නර් අද ( 29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
පසුගිය 13 වැනිදා පොල්දූව මංසන්ධියේ පාර්ලිමේන්තු ප්‍රවේශය අසල ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය මෙහෙයවීම සම්බන්ධව ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
ඊයේ කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වීමෙන් පසු පැතුම් කර්නර් අත්අඩංගුවට ගත්තේය.
එහෙන්ම පෙරේදා කොළඹ කොටුවේ දී අත්අඩංගුවට ගත් රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සමංගමයේ හිටපු සභාපති මෙන්ම නිදහස් ජනමාධ්‍යවේදී ඇන්තනි වේරංග පුෂ්පික ඊයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්ත මස 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේය.