සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරය පසුපස හිටියේ “සලේ“ – මනූෂ කෙළින්ම කියයි

by Lankasara News
අප්‍රේල් 21, 2022
in පුවත්
Manusha - Parliment
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරය කාලයක් මුළුල්ලේ සැලසුම් කිරීම පසුපස “සලේ“ සිටි බවට සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානායක්කාර අද පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.මෙම සැලසුම් පිළිබඳව බුද්ධි අංශවලට තොරතුරු පැමිණි බවත් එවකට රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන මේ තොරතුරු වසන් කිරීමට කටයුතු කළ බවටත් නානායක්කාර මන්ත්‍රීවරයා චෝදනාවක් කළේය.

ඔහු තවදුරටත් චෝදනා කළේ 2019 වසරේදී පැවැත්වෙන ජනාධිපතිරණය සම්බන්ධයෙන් 2017 වසරේදී සිදු කළ සමීක්ෂණයකදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති වීමට නම් බෞද්ධ ජනතාව ගේ ඡන්දවලින් සියයට 70ක් පමණ ලබා ගත් යුතු බව පැහැදිළි වූ බවත් මෙම බෞද්ධ ඡන්ද ලබා ගැනීම සඳහා සිදු කරන ලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස පාස්කු ප්‍රහාරය සිදුවූ බවත්ය.

එහදී තවදුරටත් අදහස් දැක්වූ මනූෂ නානායක්කාර මන්ත්‍රිවරයා
“ 2019 වසරේදී ජනාධිපතිවරණය ජය ගැනීමට ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයන් ගැන සංගණනයක් සිදු වුණා. එහිදී රනිල් වික්‍රමසිංහ දැම්මොත් කොහොමද? සජිත් ප්‍රේමදාස දැම්මොත් කොහොමද ආදී වශයෙන් සලකා බැලුණා. ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තරගෙට දැම්මොත් සියයට සියයට 70ක් බෞද්ධ ඡන්ද ලබා ගත්තොත් විතරයි ජනාධිපතිවරයා කරන්න පුළුවන්. මේකට මෙහෙයුමක් දියත් වුණා. මේකට සම්බන්ධ වුණේ යුද්ධ හමුදා බුද්ධි අංශ කණ්ඩායමක්. ඔවුන් පෝෂණය කරපු සහරාන්ලව එළියට දැම්මා. මේක කෙනකුට කියන්න පුළුවන් මගේ උපකල්පනයක් කියල ඒක තමයි ඇත්ත. සැලසුම් කරපු අය සැලසුම කළේ එහෙමයි. මේකට මැලේසියාවෙන් උදව් ලැබුණා රාජ්‍යයක් හැටියට නෙවෙයි එහෙ හිටපු පුද්ගලයෙක්. ඉන්දියාවේ හිටපු පුද්ගලයෙක්. අපි චෝදනා මත ඉවත් කළ පුද්ගලයෙක් මේකට සම්බන්ධයි ඔහු තමයි සැලේ. ඔහු තමයි මේක සැලසුම් කළේ.

පාස්කු ප්‍රහාර සිද්ධියෙන් පස්සේ ජාත්‍යන්කර පර්යේෂණ කණ්ඩායම් ආවා. කිසිදු ජාත්‍යන්කර ත්‍රස්තවාදී සම්බන්ධතාවක් නෑ කියල ඔප්පු කළා. ප්‍රහාරය වුණේ අප්‍රියල් 21. ආමි මොහිදීන් 25 ගිහිල්ලා මාතලේ සහරාන් හම්බවෙලා අපි තමයි කෙළේ කියල වීඩියෝ එකක් දැම්මේ. ආමි මොහිදීන් ශානි අබේසේකර ගිහින් අත් අඩංගුවට ගත්ත. සී.අයි.ඩී ගෙනාවම අපේ ප්‍රොජක්ට් එකක් කියල එයාව අරන් ගියා. මේක හමුදාපති දන්නේත් නෑ. හමුදාවේ හිටිය බුද්ධි අංශ කණ්ඩායමක් මේකට සම්බන්ධයි. අපි හැමතැනම කිව්වා. අපේ කටවල් වහන්න කියව්වා.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

බුද්ධි අංශ භාරව සිටි නිලන්ත ජයවර්ධන මේ තොරතුරු ආවා. ඔහු මේවා ඉදිරිපත් කළේ නෑ. ඔහුගෙ ලැප්ටොප් එක රීසෙට් කළා කිව්වා. ජංගම දුරකථනය බිරිඳගේ කියල කිව්වා.

දැන් මෛත්‍රිපාල සිරිසේන ගේ ගොඩට චෝදනාව දාන්න යනවා එයා බාර ගන්න බෑ කියනව නම් නිලන්ත ජයවර්ධනට හිරේ යන් ලෑස්ති වෙන්න කියනවා. ජනාධිපති කොමිෂන් වාර්තාවෙන් පැහැදලිවම චූදිතයෙක් වුණු දේශබන්දු තෙන්නකෝන් කෝ? තව මොනවද දැන් පොලිසිය භාරව ඉන්නේ කප්පම් නඩු දෙක තුනක් තියන නඩු කිහිපයකින් වැරදිකාරය වෙච්ච තවත් නඩු කිහිපයක් උසාවියේ තියෙන පුද්ගලයෙක්.

යහපාලන ආණ්ඩුව කාලෙ වැරැද්දක් කළා. ඒ තමයි නොසලකා හැරීම. මේක වළක්වා ගන්න යහපාලන ආණ්ඩුවට බැරි වුණා. ඒක කරන්න බැරිවෙන විදිහට ජාතික ආරක්ෂක කවුන්සිලය අවුල් කළා. ඒක කැඳවන්න එපා කිව්වා. මේ අතරේ දින 52න් ආණ්ඩුව ගහල ගන්න බැලුවා. ඒ හරහා ආරක්ෂක මණ්ඩලයට අගමැති පොලිස්පති නියෝජ්‍ය ආරක්ෂක ඇමති කැඳවීම නතර කළා.

අපට දැන් කරන්න කියෙන්නේ මොවුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමයි. අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් ගේන ආණ්ඩුවකින් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් කරලා කට්ටිය හිරේ දාන එක දානවමයි.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු චෝදනාවලට උත්තර දෙන්න ආණ්ඩුවේ මන්ත්‍රිවරු නෑ! හරීන්ගෙන් චෝදනාවක්….

Next Post

ඩලස් අගමැති වීම වලකන්න මන්ත්‍රී ගැටයක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.