අගමැති මහින්ද රාජපක්ෂ තවදුරටත් එම තනතුරේ හිඳිමින් රට ඉදිරියට ගෙන යායුතු බව අද (21) ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් ඉදිරිපත් කළ යෝජනාව සියලුදෙනා ඒකමතිකව සම්මත කර ඇත.
පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සම්බන්ධව කැඳවා තිබූ මෙම හමුවේ දී වැඩි අවධානයක් යොමු කර ඇත්තේ රට තුළ උද්ගතව තිබෙන අර්බුදකාරී තත්වය හා අගමැති මහින්ද එම තනතුරේ තබා ගැනීමය.
අගමැති මහින්ද රාජපක්ෂ එමතනතුරෙන් ඉවත් විය යුතු බවට සඳහන් කරමින් ජනාධිපතිවරයාට ලිපියක් භාර දී ඇතැයි කියන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කළ පිරිසක් ද අද පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට පැමිණ අගමැතිවරයා තවදුරටත් එම තනතුරේ රැඳී සිටීමට අනුමත කරමින් යෝජනාවට සහාය දැක්වීම විශේෂත්වයක් විය.
හිටපු ඇමති ඩලස් අලහප්පෙරුම ජනාධිපතිවරයා විසින් ජනාධිපති මන්දිරයට කැඳවා තිබූ අතර එලෙස ඔහු කැඳවන ලද්දේ අගමැති ධුරය ඔහුට ලබා දීම සම්බන්ධව සාකච්ඡා කිරීමට බව මන්ත්‍රී කණ්ඩායමට එක් වූ මන්ත්‍රීවරු කීප දෙනෙක්ම කණ්ඩායම් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග අනාවරණ්‍ය කරයි.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ හැර වෙන කිසිම පුද්ගලයෙකුට අගමැති ධූරය ලබා නොදිය යුතු බව මන්ත්‍රී කණ්ඩායම් රැස්විමේ සිටි සියලු දෙනාගේ ඒකමතික තීරණය වී තිබේ.







