පාස්කු නඩුවෙන් පූජිත් ජයසුන්දරත් නිදොස්කොට නිදහස්…

RelatedPosts

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකළැයි චෝදනා ලැබ සිට හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරක්  නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ල මහධිකරණ විනිසුරු මඩුල්ල අද (18) තීරණය කළේය.නාමල් බලල්ලේ,ආදිත්‍ය පටබැඳි සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව විභාගය ගැණුනි.පසුගිය ජනවාරි මස 19 දා මෙම නඩුව මින් පෙර අවසන් වරට කැඳවනු ලැබිනි.  පාස්කු ප්‍රහාරය සම්බන්ධව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව   නඩුවේ පැමිණිල්ල විසින් ලකුණු කර තිබෙන ලේඛන පිරික්සීමේ දී මෙම නඩුව ගොනු නොකර සිටිය යුතුව තිබූ  බව පෙනී යන්නේ යැයි  එම නඩුව විභාගයේ යෙදෙන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික  ආදිත්‍ය පටබැඳිගේ එදින අධිකරණයේ දී පැවසීය.

හිටපු පොලිස්පතිවරයාට එරෙහිව පවරා ඇති නඩුවේ ඇතැම් ලේඛනවල පරස්පරතා ඇති බවට  නිරීක්ෂණය කරමින් විනිසුරුවරයා මෙම ප්‍රකාශය කළේය

එදින නඩුවේ සාක්ෂියට කැඳවා තිබුණේ විත්තිකාර පූජීති ජයසුන්දර පොලිස්පති ධුරය දැරෑ සමයේ ඔහු යටතේ රාජකාරි කළ  බුද්ධි වාර්තා පවත්වා ගැනීමේ අංශයේ නිලධාරියෙකි. එහිදී පැමිණිල්ලේ සාක්ෂි ලෙස රාජ්‍ය බුද්ධි සේවය විසින් විත්තිකාර පූජිත් ජයසුන්දර වෙත යොමුකර තිබූ බුද්ධි වාර්තා අඩංගු ලේඛන 38ක  මුල් ලේඛන අධිකරණයට ඉදිරිපත්  කළේය.

මේ අවස්ථාවේ දී පැමිණිල්ල මෙහෙයවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසටර්  ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ තමා විසින් ලකුණුකර තැබූ ලේඛනවලින් ලේඛන හයක මුලි පිටපත් නොමැති බවය. එමෙන්ම එක් ලේඛනයක මුල් පිටපත සාක්ෂිකරු විසින් රැගෙනවිත් නැති බව ද ඔහු අධිකරණයට දන්වා සිටියේය.

අසම්පූර්ණයි – පරස්පරයි…

අනතුරුව සාක්ෂිකාර ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමල් සේනාරත්න මාර්ගයෙන් අදාල මුල් ලේඛන ලකුණු කිරීම ආරම්භ කෙරිනි. එහිදී ඇතැම් ලේඛනවල ඇති අසම්පූර්ණතාවයන් සහ පරස්පරතා අධිකරණයේ නිරීක්ෂණයට ලක් විය.

මේ අවස්ථාවේ දී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික  ආදිත්‍ය පටබැඳිගේ ප්‍රකාශ කළේ  යම් විමර්ශනයක්  සිදුකළ විට ඊට අදාල සම්පූර්ණ වාර්තා අධිකරණයට හා නිතීපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට පොලිසිය කටයුතු කළ යුතු බවය.

“ මෙම නඩුවේ පැමිණිල්ල විසින් ලකුණු කළ ඇතැම් ලේඛනවල මුල් ලේඛන වෙනස් තත්වයක පවතිනවා.  මෙවැනි ක්‍රියා හරහා අපරාධ විමර්ශන ක්‍රියාදාමය කෙරෙහි මහජනතාව තබා තිබෙන විශ්වාසය බිඳවැටීමකට ලක් වෙනවා.“

“මෙම නඩුවේ පැමිණිල්ල විසින් ලකුණු කර තිබෙන ලේඛන පිරික්සීමේ දී මෙම නඩුව ගොනු නොකර සිටිය යුතුව තිබූ බවයි පෙනී යන්නේ.“

පැමිණිල්ල විසින් ඇතැම් ලේඛන ඉදරිපත් කර තිබෙන ආකාරය වැරදි සහගතයි. “ විනිසුරුවරයා පැවසුවේය.

අනතුරුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසටර් ජෙනරාල් දිලීප පීරිස් මෙම නඩුවට අදාල ලේඛන 31ක මුල් ලේඛන සාක්ෂිකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මාර්ගයෙන් අධිකරණය හමුවේ ලකුණු කරනු ලැබුවේය. පැමිණිල්ල විසින් ලකුණු කළ බුද්ධි වාර්තා අඩංගු ලේඛන අතුරින් වාර්තා 21ක්  සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් සටහන් යොදා තිබිණි.

මේ තත්වය තුළ අද පැවති නඩු විභාගයේ දී පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස්කො නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළේය.

පූජිත්ට එරෙහි පාස්කු නඩුව පවරන්නේ නැතිව ඉන්න තිබුණු බව අධිකරණය කියයි!…

Related Posts

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ADVERTISEMENT

Advertisement

ADVERTISEMENT