පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු අධි චෝදනා 855ක් ලද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සියලු චෝදනාවලින් නිදහස් කිරීමට අද ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (18) නියෝග කළේය.
නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉසර්දීන් යන විනිසුරුවරු සිය තීන්දුව ලබා දෙමින් මෙලෙස හිටපු ආරක්ෂක ලේකම්වරයා එම අධිචෝදනාවලට වරදකරුවකු නොවන බවට තීන්දු කළේය.2019 අප්‍රියෙල් 21 වනිදා පාස්කු ඉරිදා මෙරට දේවස්තාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත පුහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම එයින් මරණයට සහ විපතට පත්වූවන් පිළිබඳව නොසලකා කටයුතු කිරීම ඇතුළු චෝදනා 855ක් ඔහු සම්බන්ධයෙන් එල්ල කොට නඩු පවරා තිබුණි. මෙම අධි චෝදනා සම්බන්ධයෙන් සලක බැලූ අධිකරණය එම චෝදනාවලට අදාළ විත්ති වාචකයන් නොකැඳවාම ඔහු නිදහස් කිරීමට නියෝග කර ඇත.