මැර ප්‍රහාරයකට ලක්වූ මාධ්‍යවේදී චමුදිත සරවික්රමගේ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් වගකිව යුතු බවත් ඔහුට වහාම ආරක්ෂාව ලබා දීමට කටයුතු කරන ලෙසත් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය අද (18) පොලිසියට නියෝග කළේය.
අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසා ඇතුළු නීතිඥවරු අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් අනාරක්ෂිතව ඇති චමුදිත සමරවික්‍රමගේ ජීවතාරක්ෂාව පිළිබඳ වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ඉදිරිපත් කළ කරුණු සලකා බලමිනි.
එම නියෝගය අනුව චමුදිත සමරවික්‍රමට අද සිට පොලිස් ආරක්ෂාව ලැබීමට නියමිතය.







