විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සාමූහිකය විසින් එලි දක්වන ලද දේශපාලකයන් ඇතුළු ප්‍රබලයින්ගේ හෙළි නොකළ ගනුදෙනු සම්බන්ධව සැකසුණු පැන්ඩෝරා පේපර්ස් වාර්තාවේ තවත් ශ්‍රි ලාංකිකයකු පිළිබඳව අනාවරණය කර තිබේ.
මෙවර ඔවුන් අනාවරණය කර ඇත්තේ එක්සත් ජාතික පක්ස රජය යටතේ ප්‍රබල රාජ්‍ය නිලධාරියකු සහ දේශපාලක උපදේශකයකු ලෙස කටයුතු කළ ආර් පාස්කරලිංගම් ය. ඔහු බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්වල මිලියන ගණන් ආයෝජනය කර ඇති අතර එහි දේපළ සහ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් ඇතුළු ආයෝජන ගණනාවකට මුදල් යොදා ඇතැයි ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සාමූහිකයේ සිල්ලා ඇලේසි ලිපියක් මඟින් අනාවරණය කර ඇත.
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඉතාම කිට්ටුවන්තයකු වූ පාස්කරලිංගම් ඔහු ජනාධිපති ධුරය දරන කාලයේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත.
ඊට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ උපදේශකයකු ලෙසින් ද කටුයතු කර ඇති අතර ඔහු එම කාල සීමාවන් තුළ රජයේ බොහෝ සංවර්ධන ව්‍යාපෘති සඳහා විවිධ මට්ටමෙන් අතරමැදියකු ලෙස ක්‍රියා කර ඇත්තෙකි.
බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්වල 2012 දී ආයෝජන අරමුදලක් ආරම්භ කර ඇති පාස්කරලිංගම් ඊට අදාල වාර්තාවල දක්වා ඇත්තේ දැනට විශ්‍රාමිකව සිටින පුද්ගලයකු ලෙසය.
මේ වනවිට 91 වැනි වියේ පසුවන පාස්කරලිංකම් ජාත්‍යන්තර විමර්ශනාත්මක මාධ්‍යෙව්දීන්ගේ සාමූහිකය විසින් නගන ලද ප්‍රශ්න හමුවේ පිළිතුරු ලබා දී නොමැති බව සඳහන් වේ.
එම ආයෝජන භාරයට බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්වල සහ සිංගප්පූරුවේ ලියාපදිංචි ව්‍යාපාර ගණනාවක් පවතින අතර මෙරට ප්‍රධාන පෙලේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක්ද එම ආයෝජනවල කොටස් පවතින බව එහි සඳහන් වේ.
එම ආයතනය වන්නේ මාලබේ හොරයිසන් කොලේජ් ඔෆ් බිස්නස් ඇන්ඩ් ටෙක්නොලොජි ආයතනයයි.