සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔළුවිල් ලේලි සහ මාමා පිරිමි නිරුවත් කර කෝටි ගණන් කප්පම් ගත් හැටි!

by editor
නොවැම්බර් 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සුසන්ත අමරබන්දු – 

කල්මුණේ, අක්කරපත්තු, සමන්තුරේ,සයින්දමරුදු සහ ඔලුවිල් ආදි ප්‍රදේශවල පිරිමි පුද්ගලයන්  විශාල ප්‍රමාණයක් වංචා කරමින්  ඔවුන් සමග ප්‍රේම සබදතාවන් ඇති කරගෙන ඔවුන්ගේ   නිරුවත් ඡායාරූප ගෙන්වා ගත් තරුණ කාන්තාවක් සිය මාමා සහ එක් වී  එම පුද්ගලයින්ගේන් කප්පම් ලබා ගැනීමේ අපරාධයක සුලමුල හෙළිකරගන්නට අක්කරෙයි පත්තුව පොලිසිය සමත් වුනේය.

මේ මාමා සහ ලේලිය එක්ව පුද්ගලයින් ගණනාවකගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන එම ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බව කියමින් කෝටි ගණනින් කප්පම් ගත් ජාවාරමක තොරතුරු මේ සමගම  අනාවරණය වූයේය.

සයින්දමර්දුවලින් පැමිණි පැමිණිල්ල

සිද්ධිය හෙලිවන්නේ අන්තර්ජාලය ඔස්සේ තරුණියක් සමග සම්බන්ධතායක් ඇතිකරගන්නා සයින්දමර්දු ප්‍රදේශයේ විවාහක පුද්ගලයෙකුගෙන්  අක්කරෙයිපත්තු  පොලිසියට ලැබුණු පැමිණිල්ලක් සමගය.

පැමිණිල්ලෙන් කියැවුනේ තමන් සම්බන්ධතාවය ගොඩනගා ගත් බව කී කාන්තාවගේ සැමියා යැයි කියන අයෙක් තමන් එම කාන්තාවට යැවූ    තමන්ගේ නිරුවත් ඡායාරූප සොයාගෙන ඒවා අන්තර්ජාලයට යොමු කරන බව කියමින්  ලක්ෂ 06ක කප්පමක් ලබා ගත් බවය. ඒ ලක්ෂ හයක   කප්පම සැප්තැම්බර් මස 23 දින රාත්‍රී 7ට අක්කරපත්තුව ඔලුවිල් 02 කටාර් නිවාස සංකිර්ණය අසලට ගෙන  ගොස් දුන් බවය.     එය ලබාගත් පසුවත්  ඔහු නැවත නැවතත් තර්ජනය කරමින් තවත් ලක්ෂ 06ක කප්පමක් ඉල්ලා සිටින බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අක්කරපත්තු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේතුංගට මේ සිද්ධිය දැනගන්නට ලැබෙන්නේ මේ පැමිණිල්ලෙනි. දක්ෂ සහ අවංක පොලිස් නිලධාරියෙක් ලෙස බණ්ඩාර විජේතුංග    කිර්ති නාමයක් දිනා සිටි අයෙකි. කොටකෙතන කාන්තා ඝාතනයෙ මිනීමරුවන් අල්ලා ගන්නට ද බංඩාර විජේතුංග   මුලිකත්වය ගෙන කටයුතු කර තිබිණි.

අම්පාර නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි.සෙනවිරත්න ,අම්පාර  ජේෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක  සහ කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරී දේශප්‍රිය යන මහත්වරුන්ගේ උපදෙස් මත මේ අල්ලස් ගැනීමේ  මහ මොළකරුවන් සොයා අක්කර පත්තුව පොලිසියේ නිලධාරීහු පරීක්ෂණ ආරම්භ කළහ.

පොලිස් උපදෙස්

පොලිසියේ උපදෙස් අනුව කප්පම්කරු සමග කතා කළ වින්දිත පුද්ගලයා  කප්පම්කරුවා කී තැනින් මුදල් තබන්නට පොරොන්දු වූයේය.  ඒ අනුව 29 දින සවස ලක්ෂ හයක්   ඔලුවිල් පෙදෙසේ කටාර් නිවාස සංකීර්ණයෙන් කප්පම් කරුගේ නියෝග මත තැබිය යුතු විය.

පොලිසියෙන් මුදල් සේ සැකසූ බෑගයක් ඔහුට ලබා දුන්නේය. එම  බෑගය රැගෙන සවස 06ට පමණ කප්පම් කරු කී තැන එය තැන්පත් කළ ඔහු මුදල් බෑගය තැබූ බව කප්පම්කරුට දැන්වූයේය.

ඊට පැය භාගයකට පමණ පසුඑම ස්ථානය යතුරු පැදියක් පැමිණියේය. එහි සිටියේ  පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවකි.  පිරිමි පුද්ගලයා  මුදල් තිබූ ස්ථානයට  ගොස් මුදල් මල්ල අතට ගන්නවාත් සමගම  රැක සිටි පොලිස් කණ්ඩායම ඔහුවත් සමග  මුදල් රැගෙන යෑමට පැමිණි කාන්තාව ද  අත්අංගුවට ගත්තේය.

හෙළිදරව්ව…

පොලිස් අත්අඩංගුවට පත් යුවලගෙන් දීර්ඝ ප්‍රශ්න කිරීමක් ඇරඹිනි. දැවැන්ත කප්පම් ජාවාරමක තොරතුරු හෙළිවන්නේ ඉන් අනතුරුවය.

අත්අඩංගුවට ගත්  සැකකරු ඔලුවිල් ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. ඔහු  සිය අක්කාගේ 27 හැවිරිදි දියණිය සමගම එක්ව මේ ජාවාරම සිදු කර ඇත. ඇය වැන්දඹු කාන්තාවකි.  මෙම මාමාගේ සහ ලේලියගේ ජංගම දුරකථනවල නිරුවත් පිරිමින් 15 දෙනෙකුගේ ඡයාරූප සොයාගන්නට පොලිසියට හැකිවිය.

තවදුරටත් විමසීමේ දී ඔවුන් දියත් කර ඇති උපක්‍රමය හෙළි විය. සමාජ මාධ්‍ය හරහා විවිධ තරාතිරමේ පුද්ගලයන් සමග මේ  කාන්තාව  සම්බන්ධකම් ඇති කර ගනී. අනතුරුව ඉතා කාමුක අන්දමින් සංවාද මෙහෙයවා තමන්ගේ නිරුවත් ඡායාරූප බව අඟවමින් අන්තර්ජාලයෙන් බාගත කරගන්නා වෙනත් කාන්තාවන්ගේ ඡායාරූප තමන් සම්බන්ධතාවය ඇතිකරගන්නා පුද්ගලයින් වෙත යවයි. එම පුද්ගලයාගේ විවිධ ඉරියව්වල නිරුවත් ඡායාරූප ඇය ගෙන්වා ගනී.

කප්පම් සිද්ධියේ  වැදගත්ම   අදියර ක්‍රියාත්මක වන්නේ ඉන් පසුවය. ඇයගේ සැමියා ලෙස පෙනී සිටින්නේ කාන්තාවගේ මාමාය. ඔහු නිරුවත් ඡායාරූප එවූ පුද්ගලයාට කතා කරයි. තමන්ගේ බිරිය සමග ඔහු ඇතිකරගත්  අනියම් සබඳතාවය තමන් හෙලිකරගත් බව කියයි. නිරුවත් ඡායාරූප දැන් ඇත්තේ තමන් සන්තකයේ බව පවසයි. තමන් දැඩි පීඩාවට පත් වී ඇති බවත් මේ නිරුවත් ඡායාරූප මෙම පුද්ගලයාගේ පවුලේ අයටත්, මුලු සමාජයටමත් හෙළි කරන බව කියයි.  දැන් තමන්ට සිදුවන්නට දෙයක් නැති බව කියන ඔහු මෙම ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින්නට පෙර රටේ හැමෝටම පෙනෙන්නට සලස්වන බවට තර්ජනය කරයි. ඉන් ගොඩින් බේරීමට නම් තමන්ට කළ අපරාධයට රුපියල් ලක්ෂ ගණනින් වන්දි ඉල්ලයි.  සමහරුන්ට එම වන්දිය ගෙවන්නට වී ඇත්තේ කෝටි ගණනිනි.

කෝටි 06ක් අරන්

මේ ඔස්සේ පොලිස් පරීක්ෂණ මෙහෙයවද්දී හෙළි වූයේ මෙම කාන්තාව අග්නිදිග විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් ලෙස පෙනී සමාජයේ  හොද නමක් දිනා සිටි අක්කරපත්තු කෝටිපති  ව්‍යාපාරිකයෙකු සිය ඇමට හසුකරගෙන සිටි බවය.

මෙම කාන්තාවට නිවසක් සාදා දීම සඳහා කෝටි දෙකහමාරක  මුදලක්ද වැය කර තිබූ එම ව්‍යපාරිකයා මාමාගේ තර්ජනය මැද  කෝටි හයක් පමණ මුදලක්   කප්පම් ලෙස  ඔවුන්ට ලබා දී තිබිණි.

මෙම  ජාවාරමට කොටු වූ අනෙකුත් පුද්ගලයින් පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටිති. කප්පම් ලබාගත් මාමා සහ දීයණිය අක්කරපත්තු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින දාහතරක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී.

අම්පාර නියෝජ්‍ය පොලිස්පති එස් .එම්.වයි . සෙනවිරත්නගේ  උපදෙස් මත අම්පාර ජෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායකගේ මඟ පෙන්වීමෙන් අක්කරපත්තු සහකාර පොලිස් අධිකාරී දේශප්‍රියගේ අධීක්ෂණය යටතේ පොලිස් ස්ථානාධිපති බණ්ඩාර විජේතුංගගේ මෙහෙයවීමෙන් උ.පො.ප. ගුණරත්න, පොලිස් සැරයන්වරුන් වන(63024) අසාත් , (53392) සිසිල ,(53896) රිස්වාන් සහ පොලිස් කොස්තාපල්වරුන් වන සංජීව (76811), සසි (92877),  අනොජන් (92878) යන පොලිස් නිලධාරීහු   පරීක්ෂණ පවත්වමින් සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කරලිංගම්ගේ නමත් පැන්ඩෝරා පත්‍රිකාවල…

Next Post

යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායෙන් සුපරි වැඩක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.