ඇමරිකාව සමඟ එළඹී ඇති LNG ගිවිසුම මගින් ජාත්‍යන්තර අර්බුදයකට රට ඇතුලත්වීම මෙහි අවසාන ප්‍රතිඵලය බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු පෙන්වා දුන්නේ LNG මාෆියාව සමග හැපෙන්නට ගොස් කැලිෆෝනියාවේ විදුලිබල අමාත්‍යවරයාට, ජපානයේ අගමැතිවරයාට ආදී රටවල් කීපයක ඇමතිවරුන්ට මෙන්ම තමාට ද ගල් අඟුරු මාපියාව සමග හැප්පෙන්නට ගොස් ගෙදර යාමට සිදු වූ බවය.
රටේ ගෑස් සම්පත වේළි වේළි තිබියදී ඇමරිකාව හරහා අප්‍රිකාවෙන් අඩු මිලට ගෑස් මිළ දී ගෙන ශ්‍රී ලංකාවට වැඩි මිලට විකුණා ගැනීමේ අවස්ථාව මෙම ගිවිසුම් මගින් ලබාදී ඇති බව ද ඔහු චෝදනා කරයි.
මේ ගිවිසුම මගින් රට ඉදිරියේදී දැවැන්ත ගෑස් අර්බුදයකටත් විදුලිබල මණ්ඩලය ද දැවැන්ත කඩාවැටීමකට ලක් වන බවත් ඊට ජනාධිපතිවරයා අගමැතිවරයා සහ මුදල් ඇමතිවරයා වග කිව යුතු බව ද ඔහු කියා සිටී.
ප්‍රසම්පාදන ක්‍රියාවලිය තිබිය දී ඉන් ඔබ්බට ගොස්, දැනට පෙනෙන ආකාරයට කැබිනට් මණ්ඩලයේ දී පවා කතා නොකොට ඇමරිකාව සමග මෙම ගිවිසුම්ගත වීම අනිවාර්ය ජාත්‍යන්තර අර්බුදයකට රට ගෙනයන බව පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.







