කල්මුනේ මදුසාතල් සබ්ලික් රසාත් මද්‍රසා පාසලේ ඉගෙනුම ලැබූ 13 හැවිරිදි පිරිමි දරුවෙක් පාසලේදීම ගෙල වැල ලාගෙන මියයෑමේ සිද්ධිය සම්බන්ධව සැකපිට එම පාසලේ විදුහල්පතිවරයා කල්මුනේ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ මීරා සායිබු මොහොමදු සනාස් නැමැති පුද්ගලයෙකි.
මෙම මරණය සිදුවී තිබුණේ පසුගිය 05 වැනිදා ය. සිද්ධිය සම්බන්ධව පසුගිය 07 වැනිදා සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වී ඇත්තේ මරණකරුගේ ගෙලට ඇති වුන පීඩනයකින් මෙම මරණය සිදුවී ඇති බවය.
විදුහල්පතිවරයා අත් අඩංගුවට පත් වන්නේ ඒ අනුවය. සිද්ධිය සම්බන්ධව කල්මුණේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.