අධික වර්ෂාව අවස්ථාවේ දී ප්‍රධාන මාර්ගයේ පා ගමනින් ගමන් ගත් පුද්ගලයෙක් මතට ගල්බැම්මක් කඩා වැටී ඔහු එතැනම මිය ගිය පුවතක් අලවතුගොඩ දොඩම්ගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ කුරුඳුගහඇල, අකුරණ ප්‍රදේශයේ පදංචි 59 හැවිරිදි පුද්ගලයෙකි.
ඊයේ රාත්‍රියේ මහමග ගමන් කරමින් සිටියදී නිවසක අඩි 15ක් පමණ උස ගල් බැම්මක් නායේ ගොස් මහ පාරට කඩා වැටී ඊට යටවීමෙන් මෙම අවසනාවන්ත මරණය සිද්ධ වී ඇත.
පොලිසිය ප්‍රදේශවාසීන් සමග එක්ව ගල් බැම්මට යට වූ පුද්ගලයා මුදාගෙ අකුරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මිය ගොස් ඇත. අලවතුගොඩ පොලිසිය වැඩි දුර වමර්ශන පවත්වයි.