උප්පුවේලි පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය 07 වැනිදා කරන ලද වැටලීමක දී ගංජා සහ මත් කරල් සන්තව තබා ගත් පාසල් ගුරුවරයෙක් මෙන්ම විහාරාධිපතිවරයෙක් ලෙස ද කටයුතු කරන චීවරධාරියෙක් අත් අඩංගුවට ගෙන තිබේ.
ආනදම්කුලම සෝමරතන නම් මෙම චීවරධාරියා 04 කනුව ප්‍රදේශයේ විහාරයක විහාරාධිපති ධූරය දරන අයෙකි.
උප්පුවේලි පොලිසියට ලද පැමිණිල්ලක් අනුව කළ වැලීමක දී මත් කරල් 17ක්, ගංජා මිලි ග්‍රෑම් 80ක්, උකස් ලෙස ගන්නා ලද ජංගම දුරකථන 04ක්, රූපවාහිනී යන්ත්‍රයක්, ගෑස් සිලින්ඩර් 02ක්, වෙනත් පුද්ගලයෙකුගේ රියදුරු බලපත්‍රයක් සහ අන්‍ය ජාතික හැඳුනුම්පත් හතරක් සන්තකයේ තබාගෙන සිටිය දී මෙම චීවර ධාරියා අත් අඩංගුවට ගෙන තිබේ.
උප්පුවේලි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.