ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය 2024 ජනවාරි මාසයට නියමිත ශිෂ්‍ය වාර ප්‍රවේශ පත්‍ර හිටි හැටියේම අවලංගු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (10) පාර්ලිමේන්තුවේ දි හෙළි කළේය.
දින දෙකකට පෙර ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා විසින් ඩිපෝ කළමනාකරුවන් වෙත විශේෂ නියෝගයක් කරමින් මේ ආකාරයට පාසල් දරුවන් වෙත ලබා දෙන වාර ප්‍රවේශපත්‍රය අහෝසි කළ බව දන්වා ඇතැයි ඔහු පැවසුවේය.
“ගමනා ගමන මණ්ඩලයට අවුරුදු 66ක් සම්පූර්ණ වෙනවා. එවැනි අවස්ථාවක මෙවැනි දෙයක් කිරීම තුළින් රට පුරාම සිසු දූ දරුවන් අපහසුතාවයට පත් කරලා තියෙන්නෙ. මේ වනවිට සති අන්තයේ වාර ප්‍රවේශපත්‍ර භාවිතය තහනම් කරලා.
අපි දන්නවා ජනවාරි මාසේ නිවාඩු මාසයක් වුවත් දරුවන්ට උපකාරක පන්ති තියනවා. උසස්පෙළ විභාගය පැවැත්වෙනවා. මේ අවලංගු කළ පාසල් දූ දරුවන්ගේ වාර ප්‍රවේශපත්‍ර වලංගු භාවයට පත් කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලනවා.” විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවෙන් ඉල්ලුවේය.







