සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආර්ථික ඝාතකයන් නම් කළත් ඔවුන්ට කළ යුතු දේ ගැන අධිකරණ තීන්දුවෙ නෑ… අධිකරණ ඇමති පාර්ලිමේන්තුවට කියයි!

by editor
ජනවාරි 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හය දෙනෙක් ආර්ථික ඝාතකයින් ලෙස නම් කර  රටේ    ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්  නඩු තීන්දුව මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධ වන තීන්දුවක් බවත්, කවර වගඋත්තරකරුවන්   රටේ ආර්ථිකය බංකොලොත් භාවයට වගකිම දැරිය යුතු ද යන්න සම්බන්ධව  තීරණය කර ඇතත් ඉන් ඔබ්බට ගත යුතු ක්‍රියාමාර්ගයක් පිළිබඳව එහි සඳහන්ව නොමැති බවත් අධිකරණ ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ රට බංකොලොත් භාවයට පත් කිරීම සම්බන්ධව ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්‍රාල්, ආචාර්ය පී.බී ජයසුන්දර, එස් . ආර්.ආටිගල, ආචාර්ය ඩබ්ලියු.ඩී ලක්ෂ්මන් සහ සමන්ත කුමාරසිංහ යන අය නම් කර ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවට මාස දෙකක් ගතවී ඇති නමුත්    ජනාධිපතිවරයා හෝ වත්මන් ආණ්ඩුව විසින් එම ආර්ථික ඝාතකයින්ට විරුද්ධව කටයුතු නොකිරීම සම්බන්ධව විපක්ෂ නායක සජිත්  ප්‍රේමදාස 27/2 යටතේ දෙවැනි වරටත් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

පසුගිය  නොවැම්බර් 21 වැනිදා මෙම ප්‍රශ්නය විමසන අවස්ථාවේ දී කුපිත වූ සනත් නිශාන්ත ඇතුළු  පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් විපක්ෂ නායකයා අසලට පැමිණ මැරයින් සේ හැසිරී ප්‍රශ්නය 27/2 යටතේ ප්‍රශ්නය අසමින් සිටි ලිපි ගොනුව විපක්ෂනායකවරයාගේ අතින් උදුරාගෙන ගියේය.

අද එම ප්‍රශ්නය යළි අසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසුවේ  මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් රටේ බංකොලොත්භාවයට වග කිව යුතු බවට පැහැදිලිවම නම් කර ඇති පුද්ගලයින්ට එරෙහිව විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර එම පුද්ගලයින් ට විරුද්ධ පරීක්ෂණ පැවැත්වීමට  ජනාධිපතිවරයා ඇතුළු වත්මන් රජය කටයුතු කරන්නේ ද? එසේ නොකරන්නේ නම් එ් මන්ද. යන්නය.

රට බංකොලොත්භාවයට පත්කිරීම සඳහා තීන්දු ගැනීම තුළින් ඉහත කී පුද්ගලයින් යම් කිසි පුද්ගලික ප්‍රතිලාභයක්   ලබාගෙන ඇද්ද,  නැතහොත් පුද්ගලික ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා රට බංකොලොත් භාවයට පත් කිරීමට   එකී තීන්දු ලබාගෙන ඇති ද යන්න විමර්ශනයට රජ විසින් ගෙන ඇති පියවර කවරේද? ,  මින් ඉදිරියට සිදුවන හානි වැලැක්වීමට ගත හැකි පියවර කවරේද යන්න විපක්ෂ නායකවරයා විමසූ ප්‍රශ්න අතර විය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙහිදී පිළිතුරු ලබා දුන් අධිකරණ ඇමතිවරයා කීවේ මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හය දෙනෙක් ආර්ථික ඝාතකයින් ලෙස නම් කර  රටේ    ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්  නඩු තීන්දුව මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධ වන තීන්දුවක් බවත්, කවර වගඋත්තරකරුවන්   රටේ ආර්ථිකය බංකොලොත් භාවයට වගකිම දැරිය යුතු ද යන්න සම්බන්ධව  තීරණය කර ඇතත් ඉන් ඔබ්බට ගත යුතු ක්‍රියාමාර්ගයක් පිළිබඳව එහි සඳහන්ව නොමැති බවත්ය.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාවේ 148 වගන්තිය අනුව මූල්‍ය බලය හිමි වී ඇත්තේ පාර්ලිමේන්තුවටය. ඔවුන් යම් කිසි පෞද්ගලික ප්‍රතිළාභයක් ලබා ඇත්නම් 2023 අංක 28 දරන දූෂණ විරෝධී පනත යටතේ පියවර ගැනීමට බලයක් ඇති බව ද කී අධිකරණ ඇමතිවරයා මේ වනවිටත් ඒ සම්බන්ධව පැමිළි ඉදිරිපත් වී ඇති බව දැනගන්නට ඇතැයි කීවේය.

“අවුරුදු 16කට කලින් තමයි පී.බී ජයසුන්දර සහ නිවාඩ් කබ්‍රාල් ආර්ථික ඝාතකයො ලෙස සලකලා ඉවත් කරන්න කියලා මා විපක්ෂයේ ඉඳන් කිව්වේ.

එය නොකිරීමේ ප්‍රතිඵලය තමයි අපි භුක්ති විඳන්නේ . මෙවැනි දූෂණ මර්ධනය කරන් අපේ රටේ  නීති ප්‍රතිපාදන තිබුණේ නෑ.  ඒක නිසා තමයි අපි   අපි දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවට ගෙනාවේ. දූෂණ විරෝධී පනතේ දූෂණ ගණයට වැටෙන්නේ මොනවද කියලා පුළුල් අර්ථ නිරූපණක්  දුන්නා.  ඒ වගේම  අල්ලස් දූෂණ කොමිසමට විශාල බලයක් දීලා තියනවා රටට ආලාභ කර ඇති වූ ඕන කෙනෙක් සම්බන්ධව විමර්ශනය කරලා නඩු පවරන්න.” අධිකරණ ඇමතිවරයා කීවේය.

යළි  අනාගතයේ දී පාලකයින් අදූරදර්ශී සහ අත්තනෝමතික තීන්දු ලබා ගැනීම වැලැක්වීමට ජනාධිපතිවරයාගේ බලතල සීමා කරමින් ව්‍යවස්ථා සභාවක් පිහිටවා ඇති බවත්,  සියලු කොමිෂන් සභාවල ස්වාධීනත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කරලා අති බවත් ,  ප්‍රසම්පාදන කොමිසමකක් සහ ජාතික විගණන කොමිසක් පත් කරන්න 21 වැනි සංශෝධනය මගින් ඉඩකඩ සලසා ඇති බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

“2023 අංක 28 දූෂණ විරෝධී පනත මගින් දූෂණයට වැඩ බැඳීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසා තියනවා. “

“ඒ වගේම  නව පනතක් මගින් මහබැංකුව පූර්ණ ස්වාධීන ආයතනයක් බවට පත් කිරීම, පාර්ලිමේන්තුව තුළ අයවැය කාර්යාලයක් පිහිටුවීම, දූෂිත ක්‍රියාමාර්ග තුළින් ජනාධිපතිවරුන් සහ මහජන නියෝජිතයන් පත් කිරීම වැළැක්වීමට 2023 අංක 04 දරන මැතිවරණ වියදම් සීමා නියාමනය කිරීමේ පනත සම්මත කිරීම, ජනාධිපතිගේ වුවත් තීන්දු තීරණ අභියෝගයට ලක් කිරීමට හැකිවන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයට බලය ලබා ද තිබීම සිදුකර තිබෙනවා.”

අධිකරණ ඇමතිවරයා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ප්‍රකාශන කාර්යාංශයේ දිස්ත්‍රික් අළෙවි සැල් සියල්ල වසා දමයි…

Next Post

පාසල් දරුවන් සඳහා නිකුත් කරන වාර ප්‍රවේශපත්‍ර ජනවාරියේ දී අවලංගු කරලා… එසේ නොකරන්නැයි විපක්ෂ නායක පාර්ලිමේන්තුවේ දී ඉල්ලයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.