සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසල් අරින්න පෙර මේ ටික බලන්න… පසුගිය සති 2ක තුළ ගාල්ලේ සිසුන් 33කට කොවිඩ්

පාසල් වාරය පටන් ගත් දා සිට ගාල්ලේ පාසල් 48ක දරුපැටවු 95ක් ආසාදිතයි... 197ක් නිරෝධායනයේ..

by editor
පෙබරවාරි 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

පළමු පාසල් වාරය ආරම්භයේ සිට ඊයේ (10) දිනය දක්වා ගතවු කාලය තුලදි  ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 48ක පාසල් දරු දැරියන් 95 දෙනෙකුට හා ගුරුවරු  තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය  වෙනුර කේ.සිංගාරච්චි පවසයි.

මින් පාසල් දරුවන් අති බහුතරයට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇත්තේ  පවුලේ අයෙකුට හා ඥතියෙකුට කොවිඩ් වෛරසය ආසාදනය විම නිසා නිවෙස්වල නිරෝධායනය වෙමින්  සිටියදී  බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.  

මොවුන්ගේ  පළමුපෙළ ආශ්‍රිතයින් ලෙස පාසල් දරු දැරියන්  197 දෙනෙකු හා ගුරුවරු 19 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඔවුන් සියලුදෙනා නිරෝධායනය කිරීමට කටයුතු කරඇති බවද ඒ මහතා පවසයි.

 පළමු පාසල් වාරය ආරම්භයේ සිට ඊයේ (10) දිනය දක්වා ගතවු කාලය තුළ  වෛරසය ආසාදනය වු පාසල් දරු දැරියන් 95 දෙනාගෙන් පාසල් 21ක දරු දැරියන්  33 දෙනෙකුටම  කොරෝනා   ආසාදනය වි ඇත්තේ ඉකුත් සති දෙක තුළදි බවද හෙතෙම පවසයි. එම සති දෙක තුළ එක් ගුරුවරයකුට  කොරෝනා  ආසාදනය වි ඇති බවද  ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ කාලය තුල දි අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ  පදිංචි පාසල් දරු දැරියන් 07 දෙනෙකුට, අක්මිමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ පදිංචි දරු දැරියන් 02නෙකුට, බද්දේගම ප්‍රදේශයේ  එක් සිසුවියකට, බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ පාසල් දරු දැරියන් 07 දෙනෙකුට හා ගුරුවරුන් 02නෙකුට, බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශය තුල පදිංචි පාසල්දරු  දැරියන් 22 නෙකු හා එක් ගුරුවරයෙකුට, ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි දරුවන් 02නෙකුට, හබරාදුව ප්‍රදේශයේ පදිංචි දරුවන් 08 දෙනෙකුට, හික්කඩුව ප්‍රදේශයේ දරුවන් 02නෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. එමෙන්ම ඉමදුව ප්‍රදේශයේ 01ක් පාසල් දරුවෙකුට, ඉදුරුව ප්‍රදේශයේ 01ක් පාසල් දරුවෙකුට,කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ පාසල් දරු දැරියන් 04 දෙනෙකුට, ගාල්ල නගර සභා බලප්‍රදේශයේ පදිංචි පාසල් දරු දැරියන් 08 දෙනෙකුට නෙළුව ප්‍රදේශයේ 17 දෙනෙකුට, රත්ගම 05නෙකුට, උඩුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ පදිංචි පාසල් දරු දැරියන් 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.

වැඩිම කොරෝනා ආසාදිත පාසල් දරු දැරියන් වාර්තා වන්නේ  නෙළුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන්  වන අතර එම සංඛ්‍යාව 17කි.  ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල්වල කොරෝනා පොකුරක් නිර්මානයවිමට  ඉඩ නොදි එය ඉතා සාර්ථක ලෙස පාලනය කොට ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආරක්ෂාව අඩු කිරීම ගැන සුමන්තිරන් බ්‍රිතාන්‍ය තානාපතිනිටයත් කියයි

Next Post

කොවිඩ් බිය පැතිරේ… මැතිවරණ කොමසාරිස් කාර්යාලය වසා දැමේ…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.