දිනසේන රතුගමගේ –
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 46 වෙනි සැසි වාරයට පෙර දෙමළ ජාතික සන්ධානය හා සෙසු දෙමළ පක්ෂ විසින් ඉදිරිපත් කරණු ලබන යෝජනා පිළිබදව විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ සිටින බ්‍රිතාන්‍ය තානාපතිය වන සාරා හුල්ටන් ඔබේ ( Sarah Hulton OBE ) හා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් අතර ඊයේ (10) දා කොළඹදී පැවැත්වුණි.
මෙහිදී දෙමළ ජාතික සන්ධානය හා උතුරේ සෙසු දෙමළ දේශපාලන පක්ෂ විසින් ජිනීවා මානව හිමිකම් කමිටුවට මෙවර ඉදිරිපත්කරනු ලබන යෝජනාවන් සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් බ්‍රිතාන්‍ය තානාපතිවරියට ප්‍රකාශ කොට ඇති අතර පසුගිය දිනවල පොතුවිල් සිට යාපනය දක්වා ගමන් කළ පෙළපාලිය පිළිබඳව ද තොරතුරු තානාපතිවරියට ප්‍රකාශ කොට තිබේ.
දෙමළ ජාතික සන්ධානය පවසන්නේ සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන්ද මේ සාකච්ඡාවේදී කරුණු සාකච්ඡා වූ බවයි.
සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කොට ඇත්තේ දැනට උද්ගතව ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ඇතුලු සෙසු ජාත්‍යන්තර රටවල් වහාම මැදිහත් වී සාධාරණ ක්‍රියාදාමයකට රජය යොමු කරවීම කළ යුතු බවයි.







