අමාත්‍යංශ ලේකම් කියයි-
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන නිලධාරී දේවානි ජයතිලකට විරුද්ධව විනය පරික්ෂණයක් පැවත්වීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව වන සම්පත් සහ පරිසර අමාත්‍යංශයේ ලේකම් බන්දුල හරිස්චන්දු පවසයි. පසුගියදා මහනුවර අධිවේගි මාර්ගය ඉදිරි කිරීමේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ දාරලුව පිහිටි ශ්‍රි ලංකාවට ආවේණික දුර්ලභ කරඹ ශාක විශේෂයක් වන කෘඩියා සිලනිකා ශාකය මේ වනවිට ලක්ව ඇති අනතුර පිළිබඳව සොයා බැලීමට ගොස් එහිදී එම ශාකය අවට පරිසරය විනාශ කිරීම සහ මෙම දුර්ලභ ශාකය රැක ගැනීම පිළිබඳව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් ලබා දීම හේතුවෙන් ඇය විනය පරීක්ෂණයකට ලක් විමේ ඉඩක් පවතින බවට වාර්තා පැතිරිණි.
රාජ්‍ය ආයතන සංග්‍රහයට අනුව රජයේ නිලධාරියකු නිසි අවසරයකින් තොර ව මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දිම නීති විරෝධී වන බැවින් ඇය ඇතැම් විට විනය පරීක්ෂණයට ලක්වීමට සිදුවනු ඇති බවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාවන වන සංරක්ෂක ජෙනරාල් සරත් ප්‍රේමතිලක සඳහන් කර තිබුණි.
කෙසේ වුවද ඊයේ ද මෝනි ඉංග්‍රිසි පුවත් පතට ප්‍රකාශයක් ලබා දෙමින් අමාත්‍යංශ ලේකම්වරයා පවසා සිටියේ ඇයට විනය පරීක්ණයක් පැවත්වීමට තවම කීරණයක් ගෙන නොමැති බවය.