බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

කලාගාරයක් නඩත්තු කරගන්න බැරි රටක ඉඳන් 2500 ඉතිහාසයක් ගැන බයිලා කියලා වැඩක් නෑ,..

ශාන්ත කේ. හේරත්....

by editor
පෙබරවාරි 11, 2021
in කලා
Share on FacebookShare on Twitter

ශාන්ත කේ. හේරත් අපේ යුගයේ විශිෂ්ඨයෙකි. පවතින අවකල් සමාජ දේශපාලනික ගොහොරුවෙහිම  බාල ප්‍රකාශනක් වෙමින් ඇති කලා ක්ෂේත්‍රයේ මරජ ස්වරූපය සම්බන්ධව සාධනීය විචාරයක් සහිත ස්වකීය ප්‍රතිපත්ති තුළ හැසිරෙන විරල කලා කරුවෙකි. අප දන්නා පරිදි මේ රටේ පුවත්පත් චිත්‍රකලාවේ සාධනීය හැරවුම් ලක්ෂය ශාන්තය.   අන්තර්ජාතික තලයෙහි තබා සංවාදයක් ඇති කළ හැකි විශිෂ්ටම නිර්මාණ රැසක හිමි කරුවා වුවත් කවදාවත් නිශ්චිත ඇගයීම් නොලත් ශාන්ත දැන්  වෘත්තීය පුවත්පත් කලාවේ නැත. ඒ මේ රටේ යථාර්ථය ය.   ඔහු  මේ වනවිට අසපුවක් බඳු ස්වකීය නිවෙස චිත්‍රාගාරයක් කොට  මේ රටේ දරුපැටවු වෙනුවෙන් කලායතනක් ආරම්භ කර ඇත්තේය.  ඒ චිත්‍ර කරණය ඉගැන්වීම සඳහාම නොවේ. චින්තන දුගී බවින් පෙළෙන සමාජයකට හිතන්නට හැකි,  අදීන මනුෂ්‍යයන් පිරිසක් සඳහා පදනම් ප්‍රවේශය නිර්මාණය  කිරීම වෙනුවෙනි.

ලබන සෙනසුරාදා (13) උදේ 10ට පන්නිපිටියේ  ශාන්ත කේ හේරත් කලායතනයේ ශික්ෂණය ලද දරුවන් ගේ මුල්ම නිර්මාණ එළිදැක්ම හා කුසලතා  ඇගයීම සංවිධානය වී ඇත්තේය.  මේ කෙටි පිළිසඳර ඒ නිමිතිකොට ගෙනය.

  • ඔබ චිත්‍ර පන්තියක් කරන්නෙ ඇයි.

මේ සම්බන්ධව දීර්ඝ උත්තරයක් තියනවා. ඉතාම කෙටියෙන් කියන්නම්. මේ උත්සාහය දරුවෙකුට චිත්‍ර අඳින හැටි උගන්වන්ම නෙමෙයි. ජීවිතයේ විචිත්‍රත්වය අත්විඳිය හැකි චින්තනයක් සහිත, මේ පරිසරය හා කලාවේ සියුම් භාවයන් වින්දනය කරන්න පුලුවන්,  ප්‍රතිපත්ති ගරුක සංවේදී මනුෂ්‍යයෙක් ගොඩනැගීම. ඒ පදනම් ප්‍රවේශය ඇතුළෙ ඔහු යහපත් මිනිසෙක් වේවි. ඔහු අනාගතයේ තෝරාගන්නා ක්ෂේත්‍රය කුමක් වුවත් එහි නිර්මාණාත්මක මනුෂ්‍යයෙක් විදිහට හැසිරේවි.

  • මේ කලබැගෑනි අස්සේ ඔබ ඇගයීම් උළෙල සංවිධානය කරනවා.  මේ ඇතුළෙ තියෙන්නෙ වාණිජ පරමාර්ථයක් ද?

කිසිසේත්ම නෑ. මේ කටයුත්තට මොනම ආකාරයකවත් අනුග්‍රහයක් කිසිම කෙනෙකුගෙන් නෑ. මුලින්ම  වෘත්තීය චිත්‍ර ශිල්පියෙකුගෙ වැඩ බිමක් අධ්‍යාපන ආයතනයක් උනා.  . ඒ අධ්‍යාපන ආයතනය 13  දා වනවිට ජාත්‍යාන්තර ප්‍රමිතියෙන් යුක්ත  ගෘහස්ථ කලාගාරයක් බවට පත් වෙනවා.

මේ කටයුත්තේ සම්පූර්ණ බරපැන දරන්නෙ මා විසින්.

  • ඉතින් එහෙනම් ඇයි මේ ඇගයීම සංවිධානය කරන්නේ?

මේක ඇගයීම් රහිත සමාජයක්. මම මේ උත්සාහ කරන්නේ මගේ ළමා කාලයෙ දී මට නොලැබුණු, එහෙත් මට ලැබිය යුතුයි කියලා මම හිතපු දේ මේ දරුවන්ට ලබා දීම.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

  • මේ ගතවෙන්නේ කලබලකාරී උවදුරු අවධියක්. මේ මොහොත උත්සව සංවිධානය කරලා අවදානම් ගන්නෙ ඇයි?

අපි මේ ගතකරන්නේම උවදුරක් කළමනාකරණය කරගෙන ජීවත් වෙන්න අවශ්‍ය කාලයක්. මේ ජීවිතෙන් අපට පලා යන්න බෑ. පාසල් පටන් ගන්න සූදානම් වෙනවා. ඒ එක්කම පාසල් පද්ධතිය තුළ දරුවො ආරක්ෂා වීම හා ආරක්ෂා කිරීම සම්බන්ධව වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවීම සම්බන්ධව මැසිවිලි නැගෙනවා ඇහෙනවා. ගෙවල්වල ඉන්න දරුවො සෞඛ්‍ය පිළිවෙත් අනුව හැසිරෙන්නෙ නෑ.

මේ අවස්ථාව පමණක් නොවෙයි… චිත්‍ර පන්තියෙ හැම කටයුත්තක්ම සංවිධානය වෙන්නෙ මේ වකවානුවෙ පවත්වා ගත යුතු ජීවිත ශික්ෂණය සම්බන්ධව මේ දරුවන්ට අත්දැකීමක් ලැබෙන ආකාරයට. ඒ විනය පවත්වා ගැනීමේ අභ්‍යාසය ප්‍රගුණ කරන ස්ථානයක් විදිහට.

මේ සමාජය කියන්නෙ කලා කෘතියක්. ඒ කලාකෘතියේ සජීවි කොටස් වෙන්නෙ අපි. එක් අයෙකුගේ අත් වැරදීමෙන් මුළු කලා කෘතියම විනාශ විය හැකියි.  ශික්ෂණයක් සහිතව  සමාජය කියන කලාකෘතිය නිර්මාණය කිරීමේ දායකත්වය ලබා දීම තමයි  කලාව කියන හැඟීම මා තුළ තියනවා. එය පුලුවන් ආකාරයට ප්‍රායෝගික කරමින් සමාජයට ලබා දෙනවා.

චිත්‍ර පන්තිය

මගේ කලා භාවිතාව කියන්නේ කැන්වස් එකක හෝ කඩදාසියක චිත්‍ර ඇඳීම නෙමෙයි. ඉන් එහා ගියපු  සමාජ ක්‍රියාවලියක්.   ඒ අත්දැකීම දරුවන්ට අනාගතය සඳහා ප්‍රයෝජනවත් වේවි කියල හිතලා තමයි මේ කටයුත්ත කරන්නෙ.‍

  • කවුද මේ අවස්ථාවට සහභාගී වෙන්නේ.?

ජාතික උරුම ප්‍රසාංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක ඇමතිවරයා සම්බන්ධ වෙනවා.  මහරගම ප්‍රාදේශීය ලේකම් තුමිය එනවා. කොට්ටාව පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා එනවා. සෞඛ්‍ය උපදෙස් අනුව සෞඛ්‍ය අංශ දක්වා ඇති 35කට නොවැඩි පිරිසක් එක්ක අපි මේ අවස්ථාව පවත්වනවා.

  • ඔබ ගෙදර කලාගාරයක් කරන්න හැදුවෙ ඇයි.

අපේ සංස්කෘතිය සභ්‍යත්වය නිර්මාණශීලීත්වය ගැන  බයිලා කියන පඬිවරු ඉන්න රටක් මේක.  හැබැයි කිසිම ප්‍රායෝගික ප්‍රවේශයක් නෑ.  අවුරුදු 2500ක් පැරණි ප්‍රෞඪ ඉතිහාසයක් ගැන අපි කියවන්නෙ අතීතයෙ මිනිස්සු යමක් කළ නිසා.   තව අවුරුදු 2500 ගියාට පස්සේ අනාගතයේ ඉපදෙන උන්ට කතා කරන්න අපි මොනවද ඉතිරි කරලා තියෙන්නේ.

මගේ විෂය චිත්‍ර කලාව.  මහනුවර යුගයේ චිත්‍රය විනාශ වෙමින් හරි පන්සල් බිත්තිවල තියනවා. මහනුවර යුගයෙන් මෙහාට ආවම කොළඹ යුගය ආරම්භයෙ දි ටවර් හෝල් එකට ආපු ඉන්දියානු නාට්‍ය කණ්ඩායම් හරහා පැමිණි කලාව සාර්ලිස් මාස්ටර්ලා වැනි අය හරහා චිත්‍රයට නැගිලා  ජර්මනියෙ  මුද්‍රණය කරලා  මල්කම් කළ වීදුරු රාමුවක අපේ පරණ ගෙවල්වල එල්ලිලා තිබුණා.

ඊලඟට කොළඹ යුගයේ චිත්‍රය හමුවෙන්නෙ කොළඹ නාගරික ඉහළ මධ්‍යම පාන්තික ඉංග්‍රීසි කතා කරන සමාජයෙන් ආපු ජෝර්ජ් කිට්ලා, ලයනල් වෙන්ට්ඩ්ලා, පේන්ටර්ලා ගෙ 43 කණ්ඩායමෙන්. මොවුන් අතින් බිහිවුණ කලාගාරය තමයි ලයනල් වෙන්ට්ඩ්.

ඊලඟට අද වෙනකම් කලාගාරයක් විදිහට බිහි වෙලා තියෙන්නෙ කලා භවන. අවුරුදු 16කට හෝ ඊට ආසන්න කාලයක් මේ ජාතික කලා ගාරය ගර්හිත වෙලා.  මේ කලාගාරයට සම්බන්ධ වෙලා හිටි මහාචාර්යවරයෙක් මිලියන ගානකට චිත්‍ර හොරෙන් විකුණලා නඩු ගියා කියන කතාව මාධ්‍යවල ගිහින් තිබුණා. කොළඹ යුගයේ 43 කණ්ඩායමෙන් පස්සෙ අද දක්වා බිහිවුණ නිර්මාණශීලි කලාකරුවො ඔවුන්ගෙ නිර්මාණ සම්බන්ධව කිසිම සාධනීය එකතුවක් නෑ.

රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක

අපි ජාතිය ගැන සංස්කෘතිය ගැන අභිමානය ගැන බයිල කිව්වට  ජාතික කලාගාරයක් නැති බංකොළොත් රටක්. එය නිවැරදි කිරීම මේ රටේ බලධාරීන්ගෙ වගකීම. මා මේ විවේචනය ප්‍රසිද්ධ මාධ්‍යයක කළ පසු රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහත්මයා මා ඇමතුවා. ඔහු මාව උනන්දු සහගත ලෙස විමසමින් මගේ අදහස් දැනගත්ත. එතුමා මේ අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස එක්වීමත් ඒ සංවාදයේ ප්‍රතිඵලයක්.

කෙසේ වෙතත්  හුදු විවේචනය පමණක් තේරුමක් නෑ. මට පුලුවන් විදිහට  මා මගේ වැඩබිම ප්‍රමිතිගත කලාගාරයක් බවට පත් කරලා තියනවා. ඒ පුංචි ප්‍රවේශය හෙට දවස වෙනුවෙන්.

ඒ වගේම මේ අවස්ථාවෙදි  ළමයෙකුට අනාගතය වෙනුවෙන් දෙන්න පුලුවන් උපරිම දේ සහතිකය. ඒ ඇගයීම සහතිකය එක්ක ජාත්‍යන්තර මට්ටමේ ගෘහස්ත ප්‍රදර්ශනයක් එදාට සංවිධානය වෙනවා. 13 සෙනසුරාදා උදේ 10ට පැවැත්වෙන නිල උත්සවය කොවිඩ් හේතුවෙන් සෞඛ්‍ය නීතිරීත්වලට අනුව සිදුවෙන නිසා ආරාධිතයන් 30 දෙනෙකුට සීමාවෙනවා.

යමෙකු ප්‍රදර්ශනය බලන්න කැමතිනම් දහවල් 01න් පසු දුරකතනය හරහා  කාලය, වේලාව, දිනය වෙන්කරවාගෙන ප්‍රදර්ශනය බලන්න එන්න පුලුවන්.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුරුඳුමලේ ස්තූපයේ යූපගල ශිව ලිංගයලු… ටී.එන්.ඒ. මන්ත්‍රීවරු මිනිස්සුන්ට කියයි..

Next Post

වනය රකින්න ගිය දේවානිට එරෙහි විනය පරීක්ෂණයක් තාම නෑ

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

Comments 1

  1. Shantha K. Herath says:
    වසර 5ක් ago

    ස්තුතියි.

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.