කීරති ප්‍රනාන්දු –
කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය අද ( 11) වසා දැම්මේය.
කොමිෂන් සභාවේ ගිණුම් අංශයේ සේවය කරන සේවකයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයන් විශාල ප්‍රමාණයක් කාර්යාලය තුළ හඳුනාගෙන ඇත.
කාර්යාලයේ සියලුම දෙනා ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සඳහා යොමු කර කාර්යාලය වසා දමා විෂබීජහරණය කිරීමටත් ලබන සඳුදා යළි විවෘත කිරීමටත් දැනට සැලසුම් කර තිබේ.







