මහනුවර ප්‍රධාන ගමන් මාර්ගයක්වන මනුවර අංගල මහවත්ත මාර්ගයේ ගමනාගමනය මුලුමනිනම ඇනහිට තිබේ.
අද උදේ ඇතිවූ ධාරාණිපාත වර්ෂාවත් සමග ගලා ආ ජල කඳ මහවත්ත ප්‍රදේශයේ දී පාලමක් දෙපස ඉවුරු ගලවාගෙන බිඳී යෑම නිසා මේ ආකාරයෙන් ගමනාගමනය නැවතී ඇත
මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය. ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගතවනු ඇති බව පැවසේ..








