ඉන්දියාවේ පළමු මිනිසුන් රැගත් ‘ගගන්යානා’ අභ්‍යාවකාශ මෙහෙයුම 2024 හතරවන කාර්තුව දක්වා යළිත් වතාවක් කල් ගිය බව අභ්‍යාවකාශ මෙහෙයුම් ම්‍යස්ථානය පවසයි.
මිනිසුන් රහිත ‘G1” මෙහෙයුම 2023 අවසාන කාර්තුවේදීත්, දෙවැනි මිනිසුන් රහිත ‘G2’ මෙයෙහුම 2024 දෙවැනි කාර්තුවේත්, අවසන් වශයෙන් මිනිසුන් සහිත ‘ H 1’ මෙහෙයුම 2024 හතරවැනි කාර්තුවේදීත් දියත් දියත් කිරීමට බලාපොරොත්තු වෙන බව අභ්‍යාවකාශ අමාත්‍ය ජීතේන්ද්‍ර සිංග් පසුගිය බදාදා ලෝක් සභාවට ලිඛිතව වාර්තා කළේය.
‘ගගන්යානා’ මෙහෙයුම මේ වසරේ ඉන්දියාවේ 75 වැනි නිදහස් දිනයට සමගාමීව දියත් කිරීමට නියමිතව තිබුණත් කොවිඩ් 19 වෛරසය හේතුවෙන් සිදු වූ අගුලුලෑම් වැනි හේතු පාදක කරගෙන එම කටයුත්ත කල් ගියේය. ඒ අනුව ගෙවී ගිය දෙසැම්බර් මාසයේදී අභ්‍යාවකාශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ යානාව 2023 දී දියත් කරන බවයි. යලිත් එය 2024 දක්වා කල් ගොස් ඇත්තේ මිනිසුන් රැගත් යානාවක් අභ්‍යාවකාශ ගත කරන්නට මත්තෙන් සිදු කළ යුතු පරීක්ෂණ හා සූදානම් වීම් සඳහා අවශ්‍ය තරම් කාලය ලබා ගැනීමටය.
“යානාවේ ගමන් කරන කණ්ඩායමේ ආරක්ෂාව ගැන බලන එක ඉතාමත් වැදගත්.. ඒ නිසා මිනිසුන් රහිත යානා දෙකක් අභ්‍යාවකාශ ගත කරලා හදිසි අවස්ථාවකදී දිවි බේරා ගැනීම, විවිධ යානා තත්ත්වයන් යටතේ වෙනස් විය යුතු දේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා..” අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.







