ඔස්ට්‍රේලියානු රජය විසින් සිම්බාබ්වේ හි මීලඟ ඕස්ට්‍රේලියානු තානාපතිනිය ලෙස ශ්‍රී ලංකික සම්භවයක් සහිත මිනෝලි පෙරේරා පත් කර තිබේ.
ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය සෙනෙට් සභික පැනී වොන්ග් පසුගිය අඟහරුවාදා කැන්බරා හි පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බන්ස් විසින් ඇයව එම ධූරය සඳහා නම් කර ඇති බවය. .
,2018 සිට සිම්බාබ්වේ හරාරේහි ඕස්ට්‍රේලියාවේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙස සේවය කරන බ්‍රොන්ටේ මවුල්ස්ගෙන් මිනෝලි පෙරේරා තානාපති ධූරයේ වැඩ භාරගැනීමට නියමිතව ඇත.
ඔස්ට්‍රේලියාව සිම්බාබ්වේ සමඟ ඇති සබඳතාව වැඩිදියුණු කිරීමට සහ ගැඹුරු කිරීමට උත්සාහ කරන බව පැනී වොන්ග් මාධ්‍යවේදීන්ට පැවසීය.
මිනෝලි පෙරේරා මෙවැනි වගකිමක් දරන ශ්‍රී ලංකාවේ උපත ලද ප්‍රථම ඕස්ට්‍රේලියානුවා වෙයි. .







