කොවිඩ් වසංගතය යළිත් චීනය පුරා පැතිරී යාමත් සමඟ ආර්ථිකය නඟා සිටුවීම හෝ කොවිඩ් පාලනය යන දෙකෙන් එකක් තෝරා ගැනීමට චීනයට අරගල කිරීමට සිදු වී ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
මාධ්‍යවේදී ෆෙඩ්රිකෝ ගියුලියා සඳහන් කරන්නේ යළිත් ‘සීරෝ කොවිඩ්’ ප්‍රතිපත්තිය පනවන්නේ නම් එයින් ආර්ථික විශාල බලපෑමක් එල්ල වෙනු ඇති බවත්, එසේ නොකළහොත් මිනිස් ජීවිත අනතුරේ වැටෙන බවත් ය. කෙසේ වෙතත් චීනයට ද්විත්ව ප්‍රහාරයකට මුහුණ දීමට සිදු වෙන බව නම් ඔහු අවධාරණය කළේය.
ව්‍යාපාර සහ කර්මාන්ත පාඩු හා වසා දැමීම්වලට මුහුණ දෙන අතරේ නව කොවිඩ් රෝගීන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් පවතීග ඉදිරි දිනවලදී චීනයේ කොවිඩ් ආශ්රිත මරණ මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් දැකීමට අපේක්ෂා කරන බවට අදහසක් ඇත.
මෙම වසරේ චීනයේ ආර්ථික වර්ධනය සියයට 2.8-3.2 දක්වා පහත වැටෙනු ඇතැයි විශ්ලේෂකයින් පුරෝකථනය කර ඇති අතර එය දශක පහක අඩුම අගය වනු ඇත. මෑත සතිවල කොවිඩ් මරණ චීනය ප්‍රථම වතාවට නිල වශයෙන් පිළිගෙන තිබේ. කොවිඩ් ආසාදන හේතුවෙන් රට තුළ සිදුවන අධික මරණ සංඛ්‍යාව පිළිබඳ වාර්තා සඳහා මෙය විශ්වසනීයත්වයක් ලබා දී ඇති බව ජියුලියානි පැවසීය.







