ඉන්දුනීසියාවේ බොහෝ ඉතිහාසඥයින් සහ ඉස්ලාමීය විද්වතුන් විශ්වාස කරන්නේ ඉන්දුනීසියාවට ඉස්ලාම් දහම ගෙනාවේ අරාබිවරුන් නොව ඉන්දියානුවන් විසින් බව යැයි, නවදිල්ලියේ පිහිටි ඉන්දු-ඉස්ලාමික උරුම මධ්‍යස්ථානයේ (IIHC) වාර්තාවක් හෙළිදරව් කරයි.
මීට හේතුව ලෙස ඔවුන් පවසන්නේ ‘ඉන්දුනීසියානු ඉස්ලාම්, ඉන්දියාවේ අනුගමනය කරන ආකාරයටල සමමුහුර්තභාවය, ඉවසීම සහ සහජීවනය විශ්වාස කරයි. මිනිසුන් ඕනෑම මුස්ලිම්වරයෙකුට යා යුතු තරම් භක්තිමත් ලෙස යාඥා කරයි, නිරාහාරව හා හජ් සඳහා ගමන් කරයි.’ යනුවෙනි.
ජාවා සහ සුමාත්‍රා හි පිහිටි සුල්තාන් මලික් අල්-සාලේ වැනි සොහොන්, ඉන්දියාවේ ගුජරාට් ප්‍රදේශයෙන් හමු වූ සොහොන් සමඟ කැපී පෙනෙන සමානකම් ඇත. එසේමල ගුජරාටි මුස්ලිම්වරුන්ගේ ක්‍රියාවන් කිහිපයක් ඉන්දුනීසියානු මුස්ලිම්වරුන් අතර දක්නට ලැබෙන ක්‍රියාවන්ට සමාන බව ඉස්ලාමයේ සුප්‍රසිද්ධ ලන්දේසි විශාරදයෙකු වන Snouck Hurgronje තර්ක කළේය. සුමාත්‍රා වෙත පැමිණි මුල්ම මුස්ලිම්වරු ගුජරාට් සහ මලබාර් ප්‍රදේශවලින් පැමිණි බව බොහෝ මධ්‍යකාලීන සංචාරකයින් විශ්වාස කරති. එසේම, වර්ෂ 1267 දී ප්‍රථම මුස්ලිම් සමුද්‍ර පාසායි ප්‍රාන්තය පිහිටවූ Acehnese ජාතික Malik al-Saleh ගේ සොහොනෙහි භාවිතා කරන ලද සොහොන් ගල. ගුජරාටයේ Cambay ප්‍රදේශයෙන් හමු වී ඇති බව Devdiscourse වෙබ් අඩවිය වාර්තා කරයි.









